Oba Mata Tharuwaki Song Lyrics - ඔබ මට තරුවකි ගීතයේ පද පෙළ

Oba Mata Tharuwaki Song Lyrics - ඔබ මට තරුවකි ගීතයේ පද පෙළ
Song Title : Oba Mata Tharuwaki (ඔබ මට තරුවකි)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග
සංගීතය : සෝමපාල රත්නායක
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //

උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Mata Tharuwaki Song Lyrics - ඔබ මට තරුවකි ගීතයේ පද පෙළ Oba Mata Tharuwaki Song Lyrics - ඔබ මට තරුවකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment