Kalathraye Song Lyrics - කාලාත්‍රයේ ගීතයේ පද පෙළ

Kalathraye Song Lyrics - කාලාත්‍රයේ ගීතයේ පද පෙළ
Song Title : Kalathraye (කාලාත්‍රයේ)
Produced by Lahiru Sandeep
Vocals : Kanishka Abeysinghe
Rap Lyrics & Performed by Samith Gomes
Music & Melody By Lahiru Sandeep


විකසිත මලින් පොපියන
රුදු රුපුන් හඬ පරදන
කන්‍යා ගිරි සිත උදුරන
අසරණ… දිළිඳු මනුසත

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි

විලාපයයි දෙදරා ගිය පුපුරන් ලය
බඩගින්න වැදී හාමත්වී ලොවටම තාමත් ණය
මිනිසුන්ගෙන් පිරි දූපත ඉල්ලනවා ඉඳහිට ලෙය
ගොඩ ගැසි කඳු තරමට නොදන්න උන් හතර හය හය!
පිට පිට ගොඩ ගැසී තිබ්බා මිණී කවුරුත් නොවැසූ අයෙකු නැසූ
නොදැක්ක දෙවියෙක් වැඳන් ඉන්න ගමන් අනෙකා මූණට කෙළ ගැසූ
හාර දහයෙන් එකක සම්භාවිතාවයෙන් අතරමං, පේන්නෑ කරනවා නතර නම්
බොහොම ඉක්මනින් වැඩි වෙයි මළමිනී වලින් කසළ නම්!
උස්සපන් තව බරවෙයි කර මළ කඳන් වලින් ගෙවපන් පව
දවපන් ලොව සමගින් මව අනෙකාගේ බුදින්න රටක නව
හිස් වේවී උන්ගෙන් නිවෙස් තොපිත් වමාරාවී කටින්ම කෙස්
සමගින් පාලකයොත් උඩගෙඩි දුන් තොපිට සැඟවී පෙරලන් වෙස්
හා! උන්ගේ වාසියට ඇවිලූ ගිනි මේ! කවදා යාවි ද නිවී
කවුරු කවදා කොහොම මනුදමින් පිරි රටකට කියාවිද හිමි
උදා නොවන දවසක් ඒ විඳිමු නැවතත් මේ කරුමේ නොගෙවුණු ඒ
දිනයක් එනකන් හිඳිමු විලෙහි හිඳෙන තුරුම ලේ!

රිදුම් දෙනා හද ගුගුරනා හඬින්
නෑසෙනා මර ගී…. වැල් රහසින්
උගුලුවා දැමු ලෙසින්.. වෙසෙසින්
පතුරුවා හැරි දාහය අතරින්

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalathraye Song Lyrics - කාලාත්‍රයේ ගීතයේ පද පෙළ Kalathraye Song Lyrics - කාලාත්‍රයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment