Isuru Kodewwe Song Lyrics - ඉසුරු කොදෙව්වේ ගීතයේ පද පෙළ

Isuru Kodewwe Song Lyrics - ඉසුරු කොදෙව්වේ ගීතයේ පද පෙළ
Song Title : Isuru Kodewwe (ඉසුරු කොදෙව්වේ)
ගායනය : ජගත් වික්‍රමසිංහ
සංගීතය : ජගත් වික්‍රමසිංහ
ගී පද : වසන්ත රෝහණ


ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Isuru Kodewwe Song Lyrics - ඉසුරු කොදෙව්වේ ගීතයේ පද පෙළ Isuru Kodewwe Song Lyrics - ඉසුරු කොදෙව්වේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2021 Rating: 5

0 comments:

Post a Comment