Ilaga Wassane Song Lyrics - ඊළඟ වස්සානේ ගීතයේ පද පෙළ

Ilaga Wassane Song Lyrics - ඊළඟ වස්සානේ ගීතයේ පද පෙළ
Song Title : Ilaga Wassane (ඊළඟ වස්සානේ)
ගායනය : තීක්ෂණ අනුරාධ සමඟින් ප්‍රතිභා ප්‍රභා
පද රචනය : යමුනා මාලිනී
සංගීතය : සුරේශ් මාලියද්ද


වසා යන්නකො හද දොර සෙමින්..
මගෙ හැඟුම් තව නොරිදමින්..
කොහෙ යම්ද මා නුඹගේ පෙමින්..
බැඳී උන් ආලේ නමින්... //

හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ...
මේ පුහුදුන් පෙම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ..
නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල්
සෝබර ගිම්හානේ..
සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊළඟ වස්සානේ...

සිත ඉහිලුම් නෑ අතීත සැමරුම්
පාරයි සන්තානේ...
දුක ඉවසම් තව ඉඳිමි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ...
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පව් පුරවනවානේ....
මේ අහසත් පොළවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ...

වසා යන්නකො....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ilaga Wassane Song Lyrics - ඊළඟ වස්සානේ ගීතයේ පද පෙළ Ilaga Wassane Song Lyrics - ඊළඟ වස්සානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment