Hiru Kumaruyi Sanda Kumariyi Song Lyrics - හිරු කුමරුයි සඳ කුමරියි ගීතයේ පද පෙළ

Hiru Kumaruyi Sanda Kumariyi Song Lyrics - හිරු කුමරුයි සඳ කුමරියි ගීතයේ පද පෙළ
Song Title : Hiru Kumaruyi Sanda Kumariyi (හිරු කුමරුයි සඳ කුමරියි)
ගායනය : අමිතා වැදිසිංහ
පද : මහගම සේකර
තනු : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්


හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා
අහස් ග‍ඟේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ

ඒ කාලේ මේ වාගේ
රෑ දාවල් වෙනසක් නෑ ...//

හිරු කුමරුගෙ රන් පාටයි
සඳ කුමරිගෙ පින් පාටයි...//
එකතු වෙලා දවස දෙවේලේ - ගලා ගියා
සහන් එළිය පොළව මුළුල්ලේ

දවසක්දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා

එදා ඉදන් මේ දක්වා
ළසෝ දුකින් කළු පොරවා...//
හිම කඳු මැද පාලු වනාතේ ඇය ඉන්නේ
හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ

හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා
අහස් ගඟේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ
හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා

අහස් ගගේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ

හිරු පායන උදෑසනේ
ඇයගේ දෑසේ
එදා පටන් බිංදු බිංදු
කඳුළු උනනවා
ඒ කඳුළැලි බොල් පිනි වී පොළව තෙමනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Kumaruyi Sanda Kumariyi Song Lyrics - හිරු කුමරුයි සඳ කුමරියි ගීතයේ පද පෙළ Hiru Kumaruyi Sanda Kumariyi Song Lyrics - හිරු කුමරුයි සඳ කුමරියි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment