තරුණ කම රැක ගන්න - හෙළ ඔසු පැන් (Hela Osu Pan)

තරුණ කම රැක ගන්න - හෙළ ඔසු පැන් (Hela Osu Pan) - Your Choice Way
අපි හැමෝම කැමතියි හැමදාම අපේ තරුණ පෙනුම ඒ විදියටම තියෙනවා නම් . පුරාණයේ මිනිසුන් තරුණ කම රැක ගෙන බොහෝ කල් ජීවත් වුනේ සොබා දහම සමග මනා සම්බන්ධයක් පවත්වමින් හෙළ ඔසු සමග තමන්ගේ ජීවන රටාව සැලසුම් කල නිසයි. ඒ ආකාරයට තරුණ කම රැක දෙන ඔසු පන කිහිපයක් ගැනයි මේ කියන්නට යන්නේ

⭕ බෙලි පානය

  • බෙලි ගසේ පස් පංගුවම ඉතා ගුණ දායකයි. ඒ වගේම ඉදුණු බෙලි ගෙඩියේ මැලියම් ඉවත් කර, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු මෙන්ම දෙහි යුෂ ස්වල්පයකුත් යොදා සකස් කර ගන්නා පානය
  • උදැසන හිස් බඩ පානය කරන්න. එය ඔබේ ශරීරයේ සිසිල් බව වඩවනවා. දීර්ඝායුෂ ගෙන දෙනවා.

⭕ සියඹලා පානය

  • ඉදුණු සියඹලා වල ඇට ඉවත් කර ගන්න. එය හොඳින් පොඩි කර සීනි, ලුණු, එනසාල්, කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සකස් කර ගන්න.
  • මේ මගින් ආහාර රුචිය වඩවනවා. කුසගිනි ඇති කරනවා. මළපහ හොඳින් පිට කරනවා. අධි රුධිර පීඩනයටත් ගුණ දායකයි.

⭕ වදමල් පානය

  • උතුරවා ගත් වතුර භාජනයකට හොඳින් පිරිසිදු කර ගත වද මල් දමා ටික වෙලාවක් වසා තබන්න. පසුව එම රතු පති වතුර පෙරා ගෙන එයට සීනි, ලුණු සහ දෙහි යුෂ ස්වල්පයක් යොදා පැනයක් සකස් කර ගත හැකියි. මෙය සිරුරේ රුධිරය පිරිසිදු කරන අතිශය ගුණදායි පානයක්.

⭕ නෙල්ලි පානය

  • ඉතාම ගුණදායි නෙල්ලි පානය සකස් කර ගන්නේ මෙහෙමයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් සමග අඹරා ගන්න. මෙයට අවශ්‍ය ප්‍රමාණයට වතුර, සීනි සහ ලුණු ස්වල්පයක් යොදා පානයක් සකස් කර ගත හැකියි.
  • මේ මගින් අමාශයේ අම්ල පිත් දෝෂ, ශරීරයේ විෂ සහිත බව, උදරාබාධ නැති කරනවා. සෙම් රෝග වලටත් ගුණයි. සම පැහැපත් වී තරුණ පෙනුමක් ලැබෙනවා. ඇස් වලටත් ඉතා හොඳයි.

⭕ රසකිද පානය

  • රසකිඳ වැලේ කොටස් කපාගෙන තම්බා පානයක් සකසා ගත හැකියි. මෙය තිත්ත රසයෙන් යුක්තයි. වියලා ගත රසකිඳ කැබලි ඕනෑම වෙලාවක තම්බා ගත හැකියි. කිතුල් හකුරු කැබැල්ලක් සමග මෙය පානය කරන්න. රෝග රැසකට ගුණයි. රක්තවාතය, හන්දිපත් රුදාව, සමේ රෝග, අර්ශෂ්, ශරීරයේ දැවිල්ල සඳහා මෙන්ම හදවතේ දුර්වලතා වලටත් හොඳයි. ආමාශගත රුධිරයේ ආම්ලිකතාව සමනය කරනවා.

⭕ ඉරමුසු පානය

  • ඉරමුසු ශාකය ගලවා ඒවා කපා කැබලි කර සෝදා වෙලා ගන්න. අවශ්‍ය විටක තම්බා පැනයක් සකස් කර ගත හැකියි. මෙයද කිතුල් හකුරු සමග තේ මෙන් පානය කල හැකියි. අවශ්‍ය නම් ශීත කර ද පානය කරන්න පුළුවන්.
  • මෙය ලේ පිරිසිදු කරයි, දියවැඩියාවට ගුණදායකයි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. හිස කෙස් වර්ධනය කරයි. ශරීරයේ පෙනුම වර්ධනය කර සැහැල්ලු බවක් ඇති කරනවා. කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණයි.

වටිනවනම් share කරන්නත් අමතක කරන්න එපා..විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තරුණ කම රැක ගන්න - හෙළ ඔසු පැන් (Hela Osu Pan) තරුණ කම රැක ගන්න - හෙළ ඔසු පැන් (Hela Osu Pan) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2021 Rating: 5

0 comments:

Post a Comment