Canthoruwa Song Lyrics - කන්තෝරුව ගීතයේ පද පෙළ

Canthoruwa Song Lyrics - කන්තෝරුව ගීතයේ පද පෙළ
Song Title : Canthoruwa (කන්තෝරුව)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා

කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Canthoruwa Song Lyrics - කන්තෝරුව ගීතයේ පද පෙළ Canthoruwa Song Lyrics - කන්තෝරුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2021 Rating: 5

0 comments:

Post a Comment