Your Choice Way

Punchi Palak Me Kale Maliga Song Lyrics - පුංචි පැලක් මේ කාලේ මාළිඟා ගීතයේ පද පෙළ

Punchi Palak Me Kale Maliga Song Lyrics - පුංචි පැලක් මේ කාලේ මාළිඟා ගීතයේ පද පෙළ
Song Title : Punchi Palak Me Kale Maliga (පුංචි පැලක් මේ කාලේ මාළිඟා)
ගායනය : විජය කුමාරතුංග සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක


පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා
දොලොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ..
රන් ගොයම්ද කිරි වැදී සැලේ..
බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ..
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ..

පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා
දොලොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...

කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී..
චන්ඳ්‍ර කිඳුරු නාඩගම දෙතේ..
කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා ඇදී..
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී..

පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා
දොලොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Palak Me Kale Maliga Song Lyrics - පුංචි පැලක් මේ කාලේ මාළිඟා ගීතයේ පද පෙළ Punchi Palak Me Kale Maliga Song Lyrics - පුංචි පැලක් මේ කාලේ මාළිඟා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, May 19, 2021 Rating: 5

0 comments:

Post a Comment