Paawa Yang Song Lyrics - පාව යං ගීතයේ පද පෙළ

Prathap Eash (ප්‍රතාප් මහත්මා)
Song Title : Paawa Yang (පාව යං)
Lyrics, Production & Vocals : PRATHAP 
Mixed & Mastered : Dilum Thejana @ Deverb Studios 
Guitars & Vocal Recording : Dilru Amarasinghe @ Hometown Music


පාව යං ඉතින් ඔහේ
හාව යං මා හා සුලං රොදේ
නෑ කිසිත් සීමා බලන් සඳේ හාවා
කිරි දියෙන් දෝවා
මී පැණි අරන් ආවා බිඟුමැසී

තරු වියන් පාට පාට හීනයක් වගේ
තුරු ලියන් අප හා ඈත ඈත පියඹනා අගේ
පුලුන් වලා ඇවිත් ගත සීත සීත දුරලනා රඟේ
ඉතින් කියන් ලඳේ
කාට කාට තහනමක්ද මේ
පාව පාව යං හාව හාව යං

මත් මලින් රේණු රේණු අමුණලා බඳේ
මදුවිතින් නහවා රෑක රෑක පාවෙමුද නගේ
නිසොල්මනේ ලඟින් ලා හීන හීන මැවෙනවා හදේ
ඉතින් යමුද ලඳේ
නීල නීල ලෝකෙකට එහේ
පාව යං ඉතින් ඔහේ
හාව යං මා හා සුලං රොදේ
නෑ කිසිත් සීමා බලන් සඳේ හාවා
කිරි දියෙන් දෝවා
මී පැණි අරන් ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paawa Yang Song Lyrics - පාව යං ගීතයේ පද පෙළ Paawa Yang Song Lyrics - පාව යං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment