Nandaneeya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ

Nandaneeya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ
Song Title : Nandaneeya Pema (නන්දනීය පෙම)
ගායනය : සේනානායක වේරලියද්ද,
පද රචනය : නන්දා උඩවත්ත
සංගීතය : සිරිල් පෙරේරා


නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//

නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//

නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nandaneeya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ Nandaneeya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2021 Rating: 5

0 comments:

Post a Comment