ඔන්න පොස්ට් එක වයසක අයට කියවන්න ගොඩක් හම්බෙන්නෙ නැනෙ 🙄.
ඔකට තමා අම්මලාට තාත්තලාට පුතාලා දුවලා,ආච්චිලාට සීයලාට මුණුපුරන් මිනීපිරියන් ඉන්නෙ.ඉතිම් මේක කියවලා බලන්න ඔයාලගෙ ගෙදර කාට හරිත් තීයෙද කියලා මෙ ලෙඩෙ.. .එහෙම මෙ රෝග ලක්ෂණ තියෙ නම් ඉක්මනින් වෛද්‍ය සහය පතන්න❤
©®🚫 කාන්තාවන්ට වැළදීමෙ අවදානම 75% ,පිරිමින්ට 45%
©®🚫 මතක අමතක වීමට වඩා මතක වෙනස් කිරීම විශේෂ ලක්ෂණයකි🙁
මෙම රෝගී තත්වය මොළයේ ස්නායු සෛල ක්‍රම ක්‍රමයෙන් මිය යෑමෙන් ඇති වන්නකි.මෙය අවුරුදු 65ට වඩා වයසින් වැඩි අය අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන නමුත් මෙය සාමාන්‍ය වයසට යාමේ ප්‍රතිඵලයක් ලෙස සලකනු නොලැබේ.
මෙම තත්වය සඳහා විවිධ හේතු බලපාන අතර එම බොහෝ හේතු නැවත වෙනස් කළ නොහැකි හේතු වෙයි.ඇල්සයිමර් රෝගය ඩිමෙන්ෂියාව ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවයි.
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් පවතී,
1.) මතකය වෙනස් වීම
- මෙහිදී එකම ප්රශ්නය නැතව නැතව ඇසීම, නැවත නැවත එකම දේ කිරීම, තමා සන්තකයේ ඇති බඩු බාහිරාදි අමතක වීම වැනි කෙටි කාලීන මතකයන් අහිමි වීම සිදු වේ.
- මෙම රෝගී තත්වය උත්සන්න වන විට තමන්ගේ දරුවන් හෝ ඥාතීන් මෙන් ම තමන් කවුද කියා හදුනා ගැනීමට නොහැකි වෙයි.
2.) එලෙසම තීරණ ගැනීම, හේතු දැක්වීම, නිගමනය කිරීම, ගණනය කිරීම, සංවිධානය කිරීම වැනි මනස භාවිතා වන ක්‍රියාවක් සිදු කිරීම අපහසු වේ.
3.) රාත්‍රීයේදී හරියාකාරව නින්ද නොයාම ,අරමුණක් නොමැතිව ඇවිදීම,කලබලකාරී වීම සහ ඉක්මණින් තරහ යෑම,ලිංගික හැසිරීම් රටාවේ වෙනසක් ඇතිවීම ආදී වු චර්යාත්මක වෙනස්කම් ඇතිවීමද සිදු වේ.
4.) අහේතුක බිය සැක සංකා ඇති වීම සහ අසාමාන්‍ය සංවේදන ඇති වීම නිසා පවුලේ අය නිකරුණේ සැක කිරීම ද සිදු කරයි.
5.) එලෙසම විශාදය ඇති වීමේ අවධානම ද වැඩි වේ.
6.) මල මුත්‍රා පිට කිරීමේ පාලනය තමන්ගෙන් ගිලිහී යයි.
මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගියෙක් සිටී නම් ඔවුන් අනුන්ට හානි කිරිම,තමාගේ පිරිසිදු බව ගැන සිතා ක්‍රියා කිරීම අඩු වීම,එලෙසම කායික රෝග වලට ලක්වීමේ අවධානම වැඩිය.එමනිසා මේ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් මගින් උපදෙස් ලබා ගැනීම සිදු කල යුතුය.
ඩිමෙන්ෂියාව රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව කල නොහැකි නමුත් එහි මුල් අවධියේදිම හදුනාගෙන ක්‍රියාත්මක වුවහොත් එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක කල හැක.
(උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න )😍👇👀 දිලා ❤
උපුටා ගැනීමකි...
![ඩිමෙන්ෂියාව රෝගය [වයගත පුද්ගලයන්ගෙ අමතකවීමෙ ලෙඩය] 🙄😲😲😲😲😲😲💀🚫 (Dementia) - Your Choice Way ඩිමෙන්ෂියාව රෝගය [වයගත පුද්ගලයන්ගෙ අමතකවීමෙ ලෙඩය] 🙄😲😲😲😲😲😲💀🚫 (Dementia) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYsiVEml2iCFctNCqoBHXXTgiPqoVq5CKILGMczwlKOMbmnFgvI_dd-1iJmlLLJogSEQe2b-Eq7_RVkKIpYEmqxsGatGPxWgKdAFuaTFbhdXwAsokySp3NFur7tmcqY28QU_aSueqdVbPV/w640-h428/%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%2599%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B7%2582%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B7%2580+%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%259C%25E0%25B6%25BA+%255B%25E0%25B7%2580%25E0%25B6%25BA%25E0%25B6%259C%25E0%25B6%25AD+%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%259C%25E0%25B7%2599+%25E0%25B6%2585%25E0%25B6%25B8%25E0%25B6%25AD%25E0%25B6%259A%25E0%25B7%2580%25E0%25B7%2593%25E0%25B6%25B8%25E0%25B7%2599+%25E0%25B6%25BD%25E0%25B7%2599%25E0%25B6%25A9%25E0%25B6%25BA%255D+%25F0%259F%2599%2584%25F0%259F%2598%25B2%25F0%259F%2598%25B2%25F0%259F%2598%25B2%25F0%259F%2598%25B2%25F0%259F%2598%25B2%25F0%259F%2598%25B2%25F0%259F%2592%2580%25F0%259F%259A%25AB+%2528Dementia%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment