Api Innam Song Lyrics - අපි ඉන්නම් ගීතයේ පද පෙළ

Api Innam Song Lyrics - අපි ඉන්නම් ගීතයේ පද පෙළ
Song Title : Api Innam (අපි ඉන්නම්)
ගායනය : සේනානායක වේරලියද්ද, නෙලූ අධිකාරි සහ නලින් පෙරේරා
පද : වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය : ඉරාජ් වීරරත්න
මෙම ගීය, 2010 වසරේ පැවති සුමති ටෙලි සම්මාන උ‍ළලේ දී හොඳම ගීත වීඩියෝව ට හිමි සම්මානයෙන් පුද ලැබීය.


අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ

අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන්
අපි විතරක් නම් නෙවෙයි
රන් කොතක් මෙන් ගුවනේ
දිළෙයි මගෙ දෙයියෝ

දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා
මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Innam Song Lyrics - අපි ඉන්නම් ගීතයේ පද පෙළ Api Innam Song Lyrics - අපි ඉන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment