Aetha Eha Oba Sitina Song Lyrics - ඈත එහා ඔබ සිටිනා ගීතයේ පද පෙළ

Aetha Eha Oba Sitina Song Lyrics - ඈත එහා ඔබ සිටිනා ගීතයේ පද පෙළ
Song Title : Aetha Eha Oba Sitina (ඈත එහා ඔබ සිටිනා)
ගායනය : විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා
තනුව : සරත් ද අල්විස්
පද : සේන සමරසිංහ


ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aetha Eha Oba Sitina Song Lyrics - ඈත එහා ඔබ සිටිනා ගීතයේ පද පෙළ Aetha Eha Oba Sitina Song Lyrics - ඈත එහා ඔබ සිටිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment