යකා (Yaka)

යකා (Yaka) - Your Choice Way
පැරණි ජන සමාජයේ යකා කියන එකා සිරාවටම ඉදපු එකෙක්.මුන් ගොඩක් දරුණු උනත් යම් යම් තද මන්තර බන්දන වලින් මෙල්ල කරල යක්කුන්ගෙන් ඒ කාලෙ මන්තර අදුරන් වැඩ අරන් තියනව.යකා ශරීර ශක්තියෙන් ගොඩක් ඉහල වීම ඒකට හේතුවක් වෙන්න පුලුවන්.මේ කියන්න යන කතාව ජන කතාවක්.මේ කතාවෙන් පස්සෙත් තියනව මේ වගේම සත්ය සිදුවීමකුත් අරන් එන්න.රසය දැනෙන කතාවක් හන්ද මම හිතුව මේකත් ඔයාල එක්ක බෙදාගන්න.කාලෙකට ඉස්සර ඈත පිටිසර ගමක ජීවත් වෙල තියනව තරුණ ව්ය ඉක්ම නොවුන ගොඩක් දක්ශ කට්ටඩි රාල කෙනෙක්.විවාපත් වෙලා බිරින්දැ එක්ක ගොඩක් සතුටින් ජීවිතේ ගෙවපු මෙයාල දැනගත්ත ඉක්මනට ගෙදර පාලුව මකන්න දරු සිගිත්තෙක්ගෙ මූන බලන්න පුලුවන් වෙන වග.ගැබ්බර බිරිදට වැඩපල තනියම කරගන්න අපහසු හන්ද එක දවසක් කපු මහත්තය වැඩපල කරගන්න මනුස්සයෙක් අරන් එනව මේ ගෙදරට.එදා ඉදන් ගෙදර වැඩ්පල ටිකට මේ මිනිහ උදව් වෙනව.එක දවසක් ගුරුන්නාන්සෙට වෙනත් ගමක ගුරුකමකට ඈතට යන්න වෙනව.

බිරියට දරුව ලබෙන්නත් වැඩි කාලයක් නොතිබුන හන්ද එයාට ගොඩක් පරෙස්සමෙන් ඉන්න කියපු අපේ කතානයක කට්ටඩි රාල යන්න කලින් අර මනුස්සයට දර ගොඩක් පෙන්නල කියනව අන්න අර දර ගොඩ මම එනකල් පලා දාපන් කියල.ඒ දර කන්ද එක දවසින් පලා ඉවර කරන්න බැරි තරම් කන්දක්.කොහොමහරි කට්ටඩි රාල පිටත් වෙලා හෝරාවක් දෙකක් ගතවෙනකල් වැඩ කරපු අර මිනිහ දුවගෙන එනව අර ගෑනු මනුස්සය ලගට.ඇවිත් කියනව අනේ මනිකෙ රාලහාමි මහත්තයට මම මේක නොකිවෙ මට බනින හන්ද.දැන් දෙතුන් දොහකට කලින් කැලේ දර ඇහිදිනකොට මගෙ ඔලුවෙ මොකද්දෝ ඇනුන.දැන් හරි වෙදනාවයි කියල.ඔලුවට කිට්ටු කරල බලනකොට ලොකු දෙහි කටුවක් ඔලුව ඇතුලටම ඇනිල වග කට්ටඩි බිරිද දැකල.තමුසෙ මෙච්චර එකක් වෙලත් කොහොම ඉවසන් උන්නද.ඔහොම හිටින්කො මම ගලවන්න කියල කටුව ගලවල දැම්මලු....

ගුරුන්නාන්සෙ හවස් ජාමෙ වෙනකොට වැඩ අහවර වෙලා ගෙදර එනව.ඒ එනකොට ඈත තියා ඉස්සරහ දොරේ උලුවස්සෙන් දකින දෙයින් ගුරුන්නාන්සෙ කීරි ගැහෙනව.ලේ විලක් මැද වටිල ඉන්නෙ තමන්ගෙ ආදරණීය බිරිද.ගිඩි ගිඩි ගාල ගැහෙන හදවතින් ගේ ඇතුලට පිය මනින ගුරුන්නාන්සෙ දකින දර්ශනය හද කම්පා කරන්නක්.එයාගෙ බිරිදගෙ බඩ පලල ගත්ත දරු පැටියගෙ බාගයක් කාල එතනම බිම දාල තිබුන.ලේ යාමත් කම්පනයත් හන්ද දරු පටියගෙ අම්මත් මිය ගිහින් උන්න.එතනම ඉස්සරහ බිත්තියෙ ලේ වලින් මෙහෙම ලියල තිබුන."මෙච්චර කල් මාව හිර කරාට පලිය මම උබෙන් ගත්ත.." තමන්ගෙ මුලු ලොකෙම මේ විදියට ඇස් ඉස්සරහ කඩන් වැටිල තියන මේ වෙලාවෙ කපු මහත්තය මාරාවෙශ උනා.යකා ඉවරක් කරන්න හිතන් මගට බැස්ස.කැලේ මැදට ගියපු කපු මහත්තය වැලි වලින් රවුම් දෙකක් අදිනව.ඒ එක රවුමකට යකාට තමන් ලගට එන්න බැරි වෙන්න ආරක්ශක මන්තරයක් මතුරල ඒ රවුම අතුලෙ ඉදන් මතුරනව යකා ගෙන්නගන්න.ටික වෙලාවයි එහෙම මතුරන්නෙ.කැලේ දෙවනත් කරන් යකා මතු වෙනව.

ලොවි ගෙඩි වගේ රතු උන එලියට පනින්න තරම් ඉදිරියට නෙරපු ඇස් දෙක,කටින් එලියට පැනපු දත් කුට්ටම වගේම එලියට දික් කරගත්ත රතු පාට දිව,කාලවර්ණ ලොම් පිරුන ශරීරය වගේම මහත බඩගෙඩිය,අගිලි වලින් දිගට නෙරපු නියපොතු පිහිටන යකෙක් දැක්කම ඕනෙම චන්ඩියෙක් සසල වෙනව.කපු මහත්තය ජප කරන මන්තර වලින් යකා එහා ඇදපු රවුම මැද නතර වෙලා හිර වෙනව.ඊලගට කියන මන්තර වලින් රවුම මැද ගිනි ඇවිලෙනව.යකාගෙ කෙදිරිලි හඩින් මුලු කැලේම දෙවනත් වෙනව.තමන්ගෙ බිරිද අර දරු පැටිය කොයි තරම් වේදනා විදින්න ඇද්ද කියල හිතුනම මන්තර වල වේගෙ වැඩි උනා.අන්තිමට යකා දැවිල අලු වෙනව.තමන්ගෙ පලි ගැනීම සාර්තක උනා වගෙම තමන්ට තිබුන ලොකෙ යකා හන්ද විනාශ උන දුක නැති කරගන්න මොනවද කරන්න ඕනෙ කියන එක දැනන් හිටියෙ කපු මහත්තයගෙ ඉනේ රැදුන කිනිස්ස විතරයි... පපුව හරහ වේගෙන් එල්ල කරගත්ත කිනිසි පාරින් කපා හෙලපු කෙසෙල් කදක් වගේ කපු මහත්තය රවුම ඇතුලෙ මැරිල වැටෙනව...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යකා (Yaka) යකා (Yaka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment