Susuman Pawi Song Lyrics - සුසුමන් පාවී ගීතයේ පද පෙළ

Susuman Pawi Song Lyrics - සුසුමන් පාවී ගීතයේ පද පෙළ
Song Title : Susuman Pawi (සුසුමන් පාවී)
Singing : Athula Sri Gamage (අතුල ශ්‍රී ගමගේ මහත්මා)


සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී

සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ

සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී

ආදර දෙවොලේ පිදු මල් පර වී ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susuman Pawi Song Lyrics - සුසුමන් පාවී ගීතයේ පද පෙළ Susuman Pawi Song Lyrics - සුසුමන් පාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2021 Rating: 5

0 comments:

Post a Comment