Your Choice Way

Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ

Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ
Song Title : Sigiri Sukumaliye (සීගිරි සුකුමාලියේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
තනුව : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර


සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

අතකින් මල් දරාලා හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා
ජන කවියන් ගොතාලා කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ Sigiri Sukumaliye Song Lyrics - සීගිරි සුකුමාලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 19, 2021 Rating: 5

0 comments:

Post a Comment