රුලං බත් (Rulan Bath - Semolina Rice)

රුලං බත් (Rulan Bath - Semolina Rice) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං කෝප්ප 1 
  • වතුර කෝප්ප 1 1/2
  • බිත්තර 1 
  • චිකන් /මාලු /සොසේජ් 
  • එලවළු 
  • රම්පා 
  • කරපිංචා 
  • සුදුළූණු 
  • ඉගුරු 
  • බී ළූණු 
  • ගම්මිරිස් 
  • ලුණු කුඩු 
  • කෑලි මිරිස් 
  • මීට අමතරව තව ඔයාලා කැමති ඕනෙම දෙයක් මේකට එකතු කරගන්න ...

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම රුලං ටික විනාඩි 2-3ක් ක් කබලේ බැදගන්න ...
  2. එලවළු ,මස් මාලු පොඩියට කපාගන්න ...(මම නම් හැමදෙයින්ම ටික ටික දැම්මෙ ..රසයි නෙ එතකොට)
  3. දැන් භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙද්දි රම්පා කරපිංචා දාලා ටිකක් බැදෙනකොට බී ළූණු දාලා රන්වන් පාටට බැදගන්න ...
  4. ඊටපස්සේ මස් මාලු වගේ දේවල් දාලා ටිකක්  බැදගන්න ...
  5. ඒවා බැදුනාට පස්සේ එලවලු ටික දාලා තෙලෙන් තම්බාගන්න ...
  6. ඊට පස්සේ සුදුළූණු ඉගුරු  ටිකත් දාලා බැදගන්න...(මේවා මුලින්ම දැම්මොත් පිච්චිලා යාවි..ඕනෙම නම් සුදුළූණු චුට්ටක් මුලින් දාන්න තෙල් එක සුවද වෙන්න)
  7. මේ වෙලාවෙදි බිත්තර එකතු කරලා හොදින් කවලම් කරගන්න බිත්තරය තැම්බෙනකල් ...
  8. දැන් ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් දමා කවලම් කර වාතුර කෝප්ප 1 1/2 දාලා ටිකක් උතුරන්න දෙන්න...
  9. වතුර ටික නටාගෙන එද්දී බැදගත් රුලං ටික දාලා හොදින් කවලම් කරගන්න...මේක ඉක්මනින් ඝන වෙනවා..ඒ නිසා ඉක්මනින් ඉක්මනින් කවලම් කරගන්න...

ඔයාලා වතුර එකතු කරද්දි රුලං මැනගන්න ගත්ත කෝප්පයම ගන්න ...

හරිම රසයි මේ බත් එක...ඒවගේම වියදම් වෙන ගානත් අඩුයි...ෆ්‍රයිඩ් රයිස් හදනවාට වඩා වියදම් ගොඩාක් අඩුයි...මේ ප්‍රමාණය ලොකු අය දෙන්නෙකුට හොදටම ඇති...දැන් ඉතින් උණු උණුවෙම රස බැලුවොත් තමා නියම රස එන්නෙ...හදලා බලමුද රස කොහොමද කියලා😍

Savory Dish
රුලං බත් (Rulan Bath - Semolina Rice) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං බත් (Rulan Bath - Semolina Rice) රුලං බත් (Rulan Bath - Semolina Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment