Raththaran Kuduwe Song Lyrics - රත්තරන් කූඩුවේ ගීතයේ පද පෙළ

Raththaran Kuduwe Song Lyrics - රත්තරන් කූඩුවේ ගීතයේ පද පෙළ
Song Title : Raththaran Kuduwe (රත්තරන් කූඩුවේ)
ගායනය : හරූන් ලන්ත්‍රා සහ විජිත කුසුම් ලියනගේ
පද : ඇලෝයි ගුණවර්ධන
තනුව : ප්‍රේමසිරි කේමදාස


රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ
ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි //

මල් විනෝද බල බලා
ඈත අහසෙ පියඹලා ....//
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //

මල් විනෝද බල බලා
ඈත අහසෙ පියඹලා ....//
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //

රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි //

විලඳ මී පැණීන් අනා
කිරි දියෙන් කවා පොවා  ...//
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //

විලඳ මී පැණීන් අනා
කිරි දියෙන් කවා පොවා  ...//
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //

රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි
දැන් ඔයාගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි
දැන් ඔයාගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththaran Kuduwe Song Lyrics - රත්තරන් කූඩුවේ ගීතයේ පද පෙළ Raththaran Kuduwe Song Lyrics - රත්තරන් කූඩුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment