Your Choice Way

Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ

Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ
Song Title : Piyumehi Pani Bothi Wana Bambaru (පියුමෙහි පැණි බොති වන බඹරු)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
තනුව : සී.ටී. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

කුසගිනි හැදුනට ඉඳල් නොකව්
කණකොළ නොබුදිති සිංහ පැටව් //
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
තල තෙල් නොදමයි රන් බඳුණේ //

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා //
සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳියි ගිරවියගෙ කරේ

පියුමෙහි පැණි බොති වන බඹරු
මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු
අවරින් නොනැගෙයි නැගෙන හිරු //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ Piyumehi Pani Bothi Wana Bambaru Song Lyrics - පියුමෙහි පැණි බොති වන බඹරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 19, 2021 Rating: 5

0 comments:

Post a Comment