Palamu Biriyagen Dewana Biriyata Song Lyrics - පළමු බිරියගෙන් දෙවන බිරියට ගීතයේ පද පෙළ

Palamu Biriyagen Dewana Biriyata Song Lyrics - පළමු බිරියගෙන් දෙවන බිරියට ගීතයේ පද පෙළ
Song Title : Palamu Biriyagen Dewana Biriyata (පළමු බිරියගෙන් දෙවන බිරියට)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


බන්ඳා⁣ පෝරු ගෙල වට බැඳි හත් මාල
කැන්ඳා ආවේ මැද මංගල ගී          තාල
රන්ඳා සෙනේ පැතුවේ ඔහුගේ       ආල
මන්දා හිතේ ප්‍රේමය ගියෙ දොර      පෑල

දෙගුරුන් ආසිරෙන් කුලගෙට       පියමැන්න
නොදුටුව රුවක් වෙත හිමිහිට    ලංවෙන්න
සිරිලිය කියා මව් මුව අග                රැව්දුන්න
සිත්  ළං වුණේ මගෙ සිතටත් නොදැනෙන්න

දින සති ගෙවී ගොස් කාටත්      රහසේම
සැනසුම තිබුනේ මට හිමි⁣ගේ   තුරුලේම
සෙනෙහස ලැබුණි මා සසරේ  පැතුසේම
කණකොක් හඬන්නේ දීගෙක     මියයෑම

පතිනි මවුනි මා නැත දරුවන්     පතලා
මගෙම හිමිත් දැන් මාහට        පිටුපාලා
සත්ත කරමි මා නැත වරදේ        බැඳිලා
පෙර පවකට දුටු සිහිනය අඳුරු    වෙලා

වඳ ලිය කුමට මව් නිතරම දොස්    කීවා
මූසල බවේ සලකුණ මා යැයි         කීවා
හිමිවු හිමිත් මට රහසෙම       පිටුපෑවා
හිතේ දුකට රැය මාගේ නඩු        ඇහුවා

තවත් කතක් මග එන බව මට       දැණුනා
කුලගෙය බිඳී ගොස් තනිකම උරුම   වුණා
යන්නට මගක් නොමැතිව පය  නතරවුණා
මගෙ සැනසුම මරණය බව මට      දැණුනා

තරහක් නැතේ හිමියනි නුඹ ගැන   දැනිලා
සතුටක් නැතේ මා මේ භවයේ           පතලා
මගෙ සිත ඇතේ තවමත් හිමිටම     පතලා
අහපන් නගේ නුඹ එව දුරදිග            හිතලා

රැකපන් නගේ මගේ හිමියන් පණ    පුදලා
සෙනෙහස සොයයි ඔහු නිතරම     ළංවීලා
රළු සිත ළාමකයි හදවත මෙළෙක්   වෙලා
මා අද යන්නේ මගෙ පණ නුඹටම         දීලා

ගෙදර එන්නේ හවසට තේකක්      සොයලා
සැරට ආස නෑ පැණි රස ප්‍රිය               කරලා
උණුවට කෑම සෙව්වේ මුවගින්           පිඹලා
හිමිට නගේ කුස පුරවනු රස               මවලා

වැඩිය වැරදි නෑ මිතුරොත් අඩු         හින්දා
ඉඳහිට අසීයෙන් මත් මී මුව              රන්ඳා
බනින්නට එපා නිතරම නැති           හන්දා
මාත් ඉවසුවේ සෙනෙහස වැඩි         හින්දා

තාම ළදරුවෙක් සේ හුරතලයට      ඉන්න
දන්නෙම නෑ හරි පිළිවෙලකට          ඉන්න
ඇඳපු ඇඳුම් කොහොමත් බෑ      සෝදන්න
අනේ නගේ විමසිල්ලෙන්           කරදෙන්න

හිමිගේ දොසක් නෑ ආලය     උතුරාලා
මවුත් වැරදි නෑ පරපුර මුල්          වීලා
මෙමට වැරදුනේ කරුමය       පලදීලා
රකිනුව පතිනි මව්  දරුවන් ලැබ දීලා

යන්නට යන්නේ හිත තුල හිස්තැන තියලා
දෙපලට පතිමි ආසිරි හදවත             පිරිලා
නෙතු අග කඳුළු එක අතකින් පිස    දමලා
මම සමුගනිමි නුඹ හට මගෙ හිමි    පුදලා

 .........මධූ.......🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palamu Biriyagen Dewana Biriyata Song Lyrics - පළමු බිරියගෙන් දෙවන බිරියට ගීතයේ පද පෙළ Palamu Biriyagen Dewana Biriyata Song Lyrics - පළමු බිරියගෙන් දෙවන බිරියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment