Maha Chanda Sulagata Madiwee Song Lyrics - මහා චණ්‌ඩ සුළඟට මැදිවී ගීතයේ පද පෙළ

Maha Chanda Sulagata Madiwee Song Lyrics - මහා චණ්‌ඩ සුළඟට මැදිවී ගීතයේ පද පෙළ
Song Title : Maha Chanda Sulagata Madiwee (මහා චණ්‌ඩ සුළඟට මැදිවී)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ෂෙල්ටන් පෙරේරා


මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
ඔබේ නමට ඇපවී කැපවී
සිටිමි ඉවසලා
කොහේ කොහොම හිටියත් සුහදේ
එන්න මා කරා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී

සිනාසී රාත්‍රියේ 
සඳ පායන තුරු තරු නැග අඹරේ 
ඔබේ හද මන්දිරේ
ආලෝකය දෙමි සඳ වට සොදුරේ
පිපාසිත ලෝ තලේ
අමපානි ආදරේ

මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී

ඔබෙ දෑසෙ හැංගෙමි
සැතපී සුවෙන් ඉමී
සසරේ සොයාලා
ආ සේ පතා

අද වාගෙ වෙන්වුනත්
පෙරදා සුපෙම් සිනා
මතකයි එවේලේ
ඔබ කී කතා

පහනත් නිවී යයි
හදවත බිඳී යයි
ඔබ නාවෙ ඇයි

මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
ඔබේ නමට ඇපවී කැපවී
සිටිමි ඉවසලා
කොහේ කොහොම හිටියත් සුහදේ
එන්න මා බලා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Chanda Sulagata Madiwee Song Lyrics - මහා චණ්‌ඩ සුළඟට මැදිවී ගීතයේ පද පෙළ Maha Chanda Sulagata Madiwee Song Lyrics - මහා චණ්‌ඩ සුළඟට මැදිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment