Mage Namali Song Lyrics - මගෙ නාමලී ගීතයේ පද පෙළ

Mage Namali Song Lyrics - මගෙ නාමලී ගීතයේ පද පෙළ
Song Title : Mage Namali (මගෙ නාමලී)
ගායනය : හරූන් ලන්ත්‍රා
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ආර්. මුත්තුසාමි


මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ..

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා..
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා..

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ රස පිටවුනා..
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා..

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Namali Song Lyrics - මගෙ නාමලී ගීතයේ පද පෙළ Mage Namali Song Lyrics - මගෙ නාමලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2021 Rating: 5

0 comments:

Post a Comment