කරපිංචා වලට කරන්න පුලුවන් දේ ( Karapincha)

කරපිංචා වලට කරන්න පුලුවන් දේ ( Karapincha) - Your Choice Way
කරපිංචා ආහාර සකස් කිරීමේදී නැතිවම බැරි, ආයුර්වේදයේ බහුලවම දක්වා ඇති ප්‍රධාන, ස්වාභාවික රසකාරකයකි. එය, ඉහළ ඖෂධීය හා පෝෂණීය වටිනාකමකින්ද අනූන ය. රෝග රැසක් නිවාරණයට ද ගුණදායක ය.

🌿 ඉතිහාසයේ සිටම ශරීරගත අනවශ්‍ය මේද පාලනයට සුදුසු කරපිංචාවල අඩංගු Flavonoids හා කෙඳි නිසා රුධිරයේ LDL/ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන බව නවීන විද්‍යාත්මක පරීක්ෂණ මඟින් තහවුරු කර ඇත.

🌿 කෙඳි අන්තර්ගත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන බැවින් හෘද රෝගීන්ට මෙය දිව ඔසුවකි.

🌿 යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් ද අඩංගු ය.

🌿 විටමින් A හා C හි ඇති ඔක්සිකාරක ගුණ නිසා ශරීරයට ඇතුළුවන වස විෂ ද, දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කිරීමේ හැකියාවකින් යුක්තය. (නමුත් ඒ ගුණ ඒ ආකාරයෙන්ම ලබාගත හැකි වනුයේ කරපිංචා අමුවෙන් ආහාරයට ගැනීමෙනි. වියළීමේදී එම විටමින් විනාශ වී යා හැක)

🌿 පිළිකා සෛල නැසීමේ ගුණය ඇත.

🌿 ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා වයසට යාම වළක්වයි.

🌿 කරපිංචා ආහාරයට එක්කර ගැනීම මඟින් ඇස් පෙනීමේ හැකියාව වර්ධනය කරන අතර, හෘදයේ ක්‍රියාකාරීත්වය ‍මනාව සිදුකරයි.

🌿 ශරීරයට ඇතුළුවන නොයෙකුත් විෂබීජ සමඟ සටන් කිරීම නිසා නොයෙකුත් ආසාදනවලින් සිරුර ආරක්ෂා කරයි.

🌿 කරපිංචාවල වඩාත් අන්තර්ගත විටමින් A, B, C, E හා Ca මඟින් හිසකෙස් හා සම නීරෝගී කරවයි.

🌿 කරපිංචා කොළ දහයක් පමණ දිනපතා හොඳින් සපා කා වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ඇස් පෙනීම වර්ධනය වන බව තහවුරු වී තිබේ.

🌿 කරපිංචාවල විෂහරණ ගුණය ප්‍රධානව පවතින නිසා විෂ සංඝටක රුධිරයෙන් ඉවත්කර මල හා මුත්‍රා සමඟ පහකිරීමට දායක වේ.

රෝග නිවාරණයට කරපිංචා

🌿 දියවැඩියා රෝග පාලනයට හා අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට දිනපතා උදෑසන කරපිංචා කොළ 10 ක් මාස 3 ක් නොකඩවා ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම බොහෝදුරට අඩුකරගත හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. දියවැඩියා රෝගීන්ගේ අධික තරබාරුව ද මින් පාලනය කරගත හැක. මින් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය පාලනය කරන අතරම අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය වීම උත්තේජනය ද සිදුකරයි.

🌿 කරපිංචා කොළ කොටා යුෂ මඟින් තෙල් සිඳ හිස ගැල්වීමෙන් හිසකෙස් මූලය ශක්තිමත් කිරීම හා හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ද ලබා දෙයි.

🌿 ගර්භනී කාන්තාවන්ගේ ඔක්කාර ගති, වමනය හා විවිධ අපහසුතා සඳහා කරපිංචා කොළ යුෂ මඟින් ලැබෙනුයේ ඉතා සහනයකි.

🌿 තුවාල සුව වීමට කැපීම්, සීරීම් වැනි තුවාලවලට කරපිංචා කොළ කොටා තැබීම මඟින් සුවවීම ඉක්මන් කරයි.

🌿 සර්ප විෂට
කොළ කොටා යුෂ මිරිකා පානය කිරීම මඟින් සර්ප විෂ ගතිය අඩුකර, ඇතිවන අතුරු උපද්‍රව පහ කරයි.
කොළ, පොතු, මුල් ස්වල්පය බැගින් ගෙන අමුකහ හා ලුණු ස්වල්පයක් බැගින් දමා කොටා, සර්පයා දෂ්ට කළ ස්ථානයේ බැඳීම හෝ කොටා මිරිකාගත් යුෂ කකාරා ගෑම ප්‍රතිකාරයයි.

🌿 විවිද වූ සමේ රෝගවලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා ගෑම මඟින් කැසීම් හා ඉදිමුම් ගති පහව යයි.
කරපිංචාවල Carbazole Alkaloid නම් රසායනිකය අඩංගු වන නිසා බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත.

🌿 කොලෙස්ටරෝල් අඩු කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්
කරපිංචා මිටක්, සුදුලූනු බික් 5ක්, ගොරකා 10g ක්, කළුදුරු 10g ක් තලපයක් වන සේ අඹරා ප්‍රධාන ආහාර වේල් 3 සමඟ තේ හැන්දක ප්‍රමාණයක් එක්කර ගන්න. මෙය මාස 3 - 6 ක කාලයක් භාවිත කිරීමෙන් කොලෙස්ටරෝල් අවම කරගත හැක.

🌿 පණු රෝග සඳහා
කරපිංචා නැටි හා කොළ කබලේ බැද, කුඩුකර, උතුරන වතුරෙන් කෝපි මෙන් වක්කර, පානය මඟින් ලොකු කුඩා කාගේත් පණු රෝග වළක්වාගත හැකිය.

🌿 කරපිංචා තේ සහ පානයේ ප්‍රයෝජන
සෝදා පිරිසුදු කරගත් කරපිංචා ඉති 3ක් පමණ බඳුනකට දමා, ලිප තබා වතුර කෝප්ප 2 ක් එකතු කරන්න. විනාඩි 10 ක් පමණ මඳ ගින්නේ රත්වෙන්න හරින්න. මෙය දිනපතා දවසට 2 වරක් දින 7 ක් පමණ පානය කරන්න. මෙයට දෙහි බිඳු 2 - 3 ක් ද මිශ්‍ර කිරීමට මතක තබාගන්න. (දින 7 කින් පසුව සතියකට දින 3ක් වශයෙන් මෙය භාවිත කරන්න) කරපිංචා තේ පානයෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. ශරීර උෂ්ණාධික බව අඩු කරයි. දද, කුෂ්ට, ආසාදනයන් දුරු කරයි. සම වර්ණවත් කරයි.
කරපිංචා වලට කරන්න පුලුවන් දේ ( Karapincha) - Your Choice Way

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරපිංචා වලට කරන්න පුලුවන් දේ ( Karapincha) කරපිංචා වලට කරන්න පුලුවන් දේ ( Karapincha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2021 Rating: 5

0 comments:

Post a Comment