ඇතා මල ඇල්ල (Atha Mala Ella)

ඇතා මල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way

දැන් නම් ගමන් බිමන් දිය ඇලි වලටම ගිහිල්ලා කියල හිතෙයිද දන්නේ නෑ නේද? ඒ තරමටම ගමන් බිමන් වල දිය ඇලි තියෙනවානේ. මේ කියන්නේත් දිය ඇල්ලක් ගැන විස්තරයක්. ඒ මීටර 52ක් උස ඇතාමල ඇල්ල ගැන.

පිටබැද්දර සියඹලාගොඩ මාර්ගය හෝ නිල් ඇල්ල වතුයාය මාර්ගය හරි පාවිච්චි කරල මෙතැනට එන්න පුළුවන්. ඇතා මළ ඇල්ලට එන්න පුළුවන්. ඒ කියන පාරවල් දෙකම ඇතුමල හන්දියෙන් එකතුවෙලා තවත් කිලෝමීටර 3ක් විතර ගියාම ඇල්ල ලඟට යන්න පුළුවන්. මේ දිය ඇල්ල නිර්මාණය කරන්නේ නිල්වලා ගඟ. විශාල දිය කඳක් අරගෙන පහලට වැටෙන්නේ අවට වට පිටාවත් සිහින් පිණි වලින් වහගෙනමයි. දිය ඇල්ල වැටෛන්නේ පොකුණක් නිර්මාණය කරගෙනමයි. එතැන වටෙන් ගිහින් පොඩි ගල් කුලක් අස්සෙන් රිංගලා ගියාම අපට දිය ඇල්ල ලඟට යන්න පුළුවන් වුනත් උඩට නම් නගින්න අමාරුයි.

දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මේනන මෙහෙම කියලයි කියන්නේ. කලින් අලිමංකඩක් නිසා එහි නිතර ඇතුන් ගැවසිලා තියෙනවා. දවසක් මේ මංකඩින් යන ඇතෙක් ඇල්ලෙන් පහලට වැටිල මැරුණු නිසා ඇතාමළ ඇල්ල කියන නම ලැබිලා. බොහොම ලස්සන තැනක්. ගමට විදුලිය ගන්න කාලෙකට කලින් ගම්වැසියන් එකතුවෙලා විදුලි බලාගාරයක් කරලා තියෙනවලු. ඒත් පස්සේ නඩත්තුව බැරුව නවත්තලා දාල. පස්සේ ප්‍රාදේශිය සභාවෙට දීල ඒ අයත් නඩත්තුව බැරිනිසා අතෑරලා. ඒ කාලේ පරිසර සංවිධානත් ඒකට බලපෑම් කල නිසා බලාගාරය වැහිලම ගිහින් දැන් නම් නටඹුන් විතරයි තියෙන්නේ. පස්සේ ගමට වෙනත් මාර්ග වලින් විදුලිය ලැබුණු නිසා විදුලි බලාගාරය කියන වැඩේ අතෑරම දාල.

විදුලි බලාගාරය පාරේ ගියාම අපිට දිය ඇල්ල උඩටම යන්න පුළුවන්. එතැනින් ඉහල ගඟ තමා තියෙන්නේ. හැබැයි ඉතින් ගඟ ඉහලට වහින නිසා මඩ පාටක් එකතු වෙලා දිය ඇල්ල ඉහල කොටස බොහෝම බිහිසුණු දර්ශණයක් තමයි මවන්නේ. සාමාන්‍යයෙන් නම් නිල්වලා ගඟේ වතුර බොහෝම පිරිසිදුයි කියලයි කියන්නේ. ලස්සන දිය ඇල්ලක අසිරිය බොහෝම සුන්දර විදිහට විඳින්න පුළුවන් තැනක්. මම එහෙම කියන්නේ වට පිටාවෙන් ඇහෙන කුරුළු ශබ්ද හා දිය ඇල්ලේ වතුර වැටෙන ශබ්දය කියන ටික එකතුවුනාම මැවෙන්නාවූ රූ සටහන් පෙළ නිසාවෙන්. ගිහින් බලන්න විනාශයක් කරන්නේ නැතිව.
රුසිරු තාරක
ගමන් විස්තර සදහා විමසන්න - 0774069204
Instragram - rusiru_ferndz
ඇතාමල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way

ඇතාමල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way

ඇතාමල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way

ඇතාමල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way

ඇතාමල ඇල්ල (Atha Mala Ella) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇතා මල ඇල්ල (Atha Mala Ella) ඇතා මල ඇල්ල (Atha Mala Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2021 Rating: 5

0 comments:

Post a Comment