අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea)

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way
අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද යනු, මිනිසාගේ අධික පරිභෝජනය නිසා සම්පූර්ණයෙන්ම දිය සිදී ගොස් පෘතුවිය මතින් අතුරුදහන් වූ මුහුදයි. 

මෙය පැරණි සෝවියට් රුසියාවෙන් වෙන් වූ උස්බෙකිස්තානයට හා කසකස්ථානයට අයත් භුමි ප්‍රදේශයක පිහිටා ඇති, රටක් තුල පිහිටි මෙන්ම, විශාලත්වය අතින් හතරවන තැන ගත් මුහුද විය.

මෙය 1960 වර්ෂයේදී වර්ග සැතපුම් 26,000 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පැවති අතර, එය ලංකාවට වඩා විශාලත්වයෙන් වැඩි විය. මෙහි ජලය කරදිය උවත් ලුණු අඩංගු වන්නේ සුලු ප්‍රමාණයක් පමණි. මෙය පෝෂණය වනු ලැබුවේ අමු ඩාරියා හා සී ඩාරියා යන ගංගා මගිනි. 

එකල මෙය ඒ අවට ජනයාට කොතරම් ප්‍රයෝජනවත් වීද යත් 75,000 පමණ ධීවර පිරිසක් මෙහි ධීවර කටයුතු වල නිරත වී, ජීවිකාව රැකගෙන ඇත. එකල සෝවියට් රුසියාවෙ  විශාලතම මාළු නිෂ්පාදකයා වී ඇත්තේ ඇරල් මුහුදයි. 

මෙහි විනාශය 1960 පමණ වන විට ආරම්භ විය. සෝවියට් රුසියාවේ නායක ස්ටාලින් හා ඉන් පසුව පැමිණි නායකයක් ගේ පැවති, වැඩි ආදායමක් ඉපැයු කපු  වගාවෙන් ස්වයංපෝෂිත වීමට තිබූ කෑදර කම නිසා මෙහි විනාශය ගැන එතරම් වද වූයේ නැත. මුහුද සිදියාමට පටන් ගෙන ඇති බව ඔවුන් දැනගත්තත්, මෙය රැක ගැනීමට ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 

කපු වගාව සිදු කිරීම සදහා මෙම මුහුද පෝෂණය කරන ලද ගංඟා දෙක හරහා ඇළ මාර්ග විශාල ප්‍රමාණයක් ඉදි කර ජලය ලබා ගත් අතර, මේ නිසා මුහුදට ලැබෙන ජලය සීමිත වීම හා වැළි කුණාටු නිසා මෙය සිදි යාම වේගවත් විය. 

මිලියන 35 පමණ ජනතාවක් මෙමගින් පීඩාවට ලක් වූ අතර, මින් පෙර එවැනි ව්‍යසනයක් සිදු වී නොමැති තරම් බව පරිසරවේදීන්ගේ මතයයි. තවද වර්තමානයේ සිදී ගිය මුහුදේ ලුණු මිශ වැලි මගින් ඇති වන කුනාටු හේතුවෙන් අසල ජනයාගේ උගුරේ පිළිකා ඇති වීම, ළදරු මරණ ආදිය බහුල වී ඇත. මීට අමතරව ගහකොළ මිය යාමද සතුන් මිය යාමද බහුල ලෙස පවතී. 

1960 සිට 2015 වන විට මුහුදෙන් 98% පමණ අතරුදහන් වී ඇති අතර නුදුරේදීම එය මුළුමනින්ම අතුරුදහන් වන බවට ගණන් බලා අත. මෙම මුහුදේ ජලය අධිකව පාවිච්චි කර නාස්ති කිරීමේ පලවිපාක එම රටවල ජනයා විදිමින් පවතී.

දිලා

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way

අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) අතුරුදහන් වූ මුහුද ලෙසින් හදුන්වන ඇරල් මුහුද (Aral Sea) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2021 Rating: 5

0 comments:

Post a Comment