නිරෝගි සුව කැදවන පොල්පලා (Aerva Lanata)

නිරෝගි සුව කැදවන පොල්පලා  (Aerva  Lanata) - Your Choice Way
🌿 සිරුරේ  බොහෝ රෝග  තත්ත්වයන්ට  පොල්පලා  ගුණ දෙන බව  පසුකාලීන   පර්‍යේෂණවලින්  සනාථව ඇති අතර පැරැන්නන්  එම  ඔසුවෙහි  අගය  මනාව දැන සිටියා  වැනියි.

🌿 Amaranthaceae, කුලයට අයත් පොල්පලා අඩි 2ක්  පමණ  උසට වැඩෙන  කුඩා බහු වාර්ෂික  ශාකයක්  .

🌿 එය  සියුම්   සුදු   බූවක්  සහිතයි.  කුඩා පත්‍ර  නැටි අසල පිපෙන  සුදු  ද්විලිංගික  මල් පොකුරු , ශාකය  මල්වැලක් සේ අලංකාර කරනවා . ඒවායින් සැදෙන  බීජ මෝරා  පැළ ව්‍යාප්තිය සිදුවනවා.

🌿 පොල්පලා  අප්‍රිකාව   නිජබිම  කරගත්  ශාකයක්. මෙරට ඉන්දියාව  ඔස්ට්‍රේලියාව  ඇතුළු  ඇතැම් රටවල බහුලව දක්නට  ලැබෙන්නක්.. 

🌿 එය කැල්සියම්   සින්ක්   කාබොහයිඩ්‍රේට්   ප්‍රෝටීන්   ඇමයිනෝ අම්ල  සැපොනින්  ,ටැනින්   ඇල්කොලයිඩ  ෆ්ලේවනොයිඩ  ආදි  විවිධ පෝෂක  රසායනවලින්    පොහොසත්.

🌿 ප්‍රතිශක්තිකරණ  ප්‍රති ප්‍රදාහ  ප්‍රතිඅසාත්මික  ප්‍රති ඔක්සිකාරක  ගුණ  හා ක්ෂුද්‍රජීවි නාශක දිලීර නාශක  බැක්ටීරියා  නාශක .ශක්තිය  සහිතයි.

🌿 පොල් කුඩු පලා,    පහන බෙය,  සිරැපුලායි   අත්මබයිදා  mountain knot grass ,chaya ආදි  නම් ගණනාවකින්  හඳුන්වනු  ලබනවා..

🌿 ශාක මල් මුල්. පත්‍ර ඇට යන  සියලු කොටස්  ඔසු  ගුණයෙන්  යුක්තයි .

🌿 සලාද  මැල්ලුම්  වෑංජන කොළ කැඳ  හා තැම්බු  දිය වශයෙන්  ආහාරයට  ගෙන  එම  ඔසු වාසි  බොහොමයක්    අත්කරගත හැකියි.

🌿 සිසිල ගුණැති  ශාකය  ශ්වේද කාරකයක්.  දාහය නිවන්නක්. උෂ්ණ රෝග වලදී  සහන  සලසන්නක්.

🌿 ශාක යුෂ පානය  සුර්‍ය රශ්මියෙන්   සමට  වන හානි  වළකමින්   සමේ තෙතමනය  රැක දෙනවා..පාචනය වැනි  රෝගවලදී ඇතිවන  විජලනය,  දුරු කිරීමට  උපකාරිවනවා.විවිධ  රෝග පාලනයට ශාක  කොටස් හා  ශාකය සහමුලින්මත්   යොදාගන්නවා.

🌿 පොල්පලා    වඩාත්  ප්‍රකට  මුත්‍රා පද්ධතිය ආශ්‍රිත  රෝග සුවයටයි.  මුත්‍රා දැවිල්ල   .මුත්‍රා   අඩස්සිය  වේදනාත්මක මුත්‍රා පහවීම්  මුත්‍රා ගල්, ,වකුගඩුගල් ආදි  සියලු  තත්ත්ව වලදී   ශාකය  මනා ප්‍රතිචාර  දක්වන බව සඳහන්.

🌿 එය  මුත්‍රාකාරකයි . වකු ගඩු  පිරිසුදු කර  දෙන්නක් . පෙරදිග රටවල පමණක්  නොව  රුසියාව  ජර්මනිය ආදි රටවලත් වකුගඩු  පිරිසිදු කරන්නක්  ලෙස යොදා ගනු  ලබන්නක්.

🌿 ශ්වසන පද්ධතිය  ආශ්‍රිත  කැස්ස ඇදුම  පීනස  මෙන්ම  උණ හිසරුදා ආදියේදී  ප්‍රතිකාර සඳහා ශාකය සහායවනවා. එය  මැලේරියා  ටයිපොයිඩ් උණ  මර්දනය කරන්නක් .

🌿 ශාක  මුල්  හා මල්  රූමැටික උණ  පාලනය කරනවා.ශාක ඇට  ශීර්ෂ රෝග  ප්‍රතිකාර සඳහා  යොදා ගන්නවා.

🌿 හෘද  රෝග  කාන්තා  රෝග  ප්‍රමේහ ප්ලීහා රෝග  ගුල්ම  පාංඩුව  ආදියේදී ,  ප්‍රතිකාර  කිරීමට ශාකය සහමුලින්   උපයෝගිකර ගන්නවා.

🌿 පොල්පලා  මෘදුකාරක  ගුණ  සහිතයි. ආහාර ජීර්ණ පද්ධතිය  ආශ්‍රිත මලබද්ධය අර්ශස්   පාචනය  ආදි  රෝග  පාලනය කරනවා.

🌿 පණුවන්  නසනවා. ආහාර  රුචිය  වඩනවා.

🌿 පහසුවෙන්  දිරවීමටත්  නිරෝගි  බව  ලබාදීමටත්  ඇති  හැකියාව  නිසා,  ඝන ආහාරවලට  හුරුවන කුඩා දරුවන්ගේ  ආහාරයටත්  යෝග්‍යයි. 

🌿 පොල්පලා දලු  රතුලූනු  සමග  පොල්කිරි  ස්වල්පයක් යොදා  දරුවාට පිසදීම   සුදුසු බව  දැක්වෙනවා.

🌿 පොල්පලා  පිළිකා  සෛල මර්දනයට ද  උපකාරී වන්නක්. කැන්ඩිඩා වැනි  දිලීර රෝගවලට  එරෙහි   ප්‍රතිචාර දක්වන්නක්

🌿 එසේ ම ශීර්ෂ  රෝගපාලනය කරන්නක්.  දන්ත ආබාධ මෙන්ම  අක්ෂි ආබාධ සඳහා ද  යොදාගනු ලබන්නක් .උගුරේ වේදනා  දුරුකරන්නක්.ගල්වීම්, ඉදිමීම්   බැහැරකරන්නක්.අභ්‍යන්තර අවයවවල  ඉදිමුම්ද  දුරුකරන්නක්.

🌿 පොල්පලා  රුධිරගත  සීනි පාලනය කර  දියවැඩියාව   වළක්වනවා. මේදය  දහනය  කර  කොලෙස්ටරෝල්  පාලනය කරනවා

🌿 රුධිරය   වර්ධනය  කර නීරක්තිය ද  පළවා  හරිනවා..

🌿 විෂ නාශක ගුණ සහිත ශාකය අක්මාවට  හිතකරයි. එය   අක්මාවේ   ප්‍රතිසංස්කරණ  සිදු   කරනවා.

🌿 එහි ඇතිවන  සෙංගමාලය   කහඋණ  ආදී  රෝග පාලනයට  පොල්පලා  කැඳ   හා  ඔසු පැන්    ලබාදෙනවා.

🌿 පත්තෑයන්  ගෝනුස්සන් වැනි විෂ  සතුන් දෂ්ට කළ විට,  විස දුරලනවා. සර්පයන්  දෂ්ට කළ විට පොල්පලා අඹරා    ගෑම  විස  බැසීමට  උපකාර වන බව යි. අස්ථි  ශක්තිමත් කරන  පොල්පලා  ආතරයිටිස් රෝගය ද  පාලනය කරන්නක්.

🌿 ගොනෝරියා    හා H I V වයිරස්   රෝග පාලනය  කරමින්  සමාජ රෝගවලට එරෙහිව  ක්‍රියාත්මක වන්නක්.මොළය   නිරෝගිකරමින්  ඇල්ෂයමර්  වැනි මතක  ගිලිහෙන  රෝගවලට ද  ප්‍රතිචාර  දක්වන්නක්.

🌿 පොල්පලා ඉතා  ගුණදායක වුවත්  එහි  ප්‍රබලත්වය නිසා  අසීමිතව ගැන්ම   සිරුරට  අහිතකරයි . අධි මාත්‍රා  ගැන්මෙන්  වකුගඩුවලට  හානි  සිදුවීමටත්  හැකියි.

🌿 වෛද්‍ය  උපදෙසක්  නොමැතිව  පොල්පලා ආහාරයට ගැනීම  සතියකට වරකට දෙකකට සිමාකිරීම  යහපත්.

⭕පොල්පලාවලින්  අත් බෙහෙත්


✅ මුත්‍රා  ගල් වකුගඩු ගල්  බැහැර කිරීමට හා  ඇතිවීම වැළැක්මට
කඳ කොළ මල් කොටස්  සහිත   ළපටි  පොල්පලා දලු  රතුලූනු  සුදුලූනු අමුමිරිස් සමග  ගිතෙල්  යොදා  මළවා කෑම

✅ මකුළුවන් දෂ්ටකළ විට 
පොල්පලා  දෙහි  ඇඹුලෙන් අඹරා  දින දෙක තුනක් ගෑම

✅ හිස රුදාවට
පොල්පලා  මුල්  ඇල්දියෙන් අඹරා නළලේ  ගෑම

✅ ඇදුමට  හතියට
පොල්පලා මල්  හාකොළ  හෝ     වියළා ගත්  ශාක  කැබලි   ගිනි කබලක  දමා  එම දුම  ආශ්වාස  කිරීම

✅ කැස්සට
වියළි පොල්පලා  චූර්ණය මේස  හැන්දක්   නටන උණු වතුරට දමා  සීනි  සමග පානය කිරීම

✅ කොන්දේ අමාරුවට
පොල්පලා  කොටා පොට්ටනි කර  වංඩුවේ  තම්බා තැවීම

✅ මුත්‍රා  ආසාදන  හා  වකුගඩු ගල් වැළැක්මට
පොල්පලා  ශාකයක් සහමුලින්   ගෙන  වතුර  බෝතලයක්  දමා  මැටි  මුට්ටියක  හොඳින් උණුකර  රාත්‍රි  ආහාරයට   පැයකට  පමණ  පසු   පෙරා පානය කිරීම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිරෝගි සුව කැදවන පොල්පලා (Aerva Lanata) නිරෝගි සුව කැදවන පොල්පලා  (Aerva  Lanata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment