Sidu Sidunath Song Lyrics - සිදු සිදුනත් ගීතයේ පද පෙළ

Sidu Sidunath Song Lyrics - සිදු සිදුනත් ගීතයේ පද පෙළ
Song Title : Sidu Sidunath (සිදු සිදුනත්)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


සිදු සිදුනත්
සිදී නොයන
සිත් කදුලු දියේ

සදු නිවුනත්
නිවී නොයන නෙත් එලිය ගෙනේ
මට ඇවිදින්
කතා කරන
මද සුළග වගේ

මදු මලකට
වඩා සුවද
සිහින මල මගේ

රග මඩලේ
අඩ අදුරේ
මට නුඹ විතරයි
පෙනුනේ

දිලිසෙන ඒ නෙතු අද්දර
කිම මා රැදුනේ
සිතුවිලි රැහැනෙන් යෙදුනේ
සෙවනැලි එකිනෙක බැදුනේ
රොන් සැනකෙලියේ

හෙට අහසේ
මට රහසේ
සගවන්නට තරු දහසේ
ඈ නෙත් යුග ගෙන යන්නද
හිරු නොම ආවේ
ඒ නෙත් තරු මට විතරයි
මට ඒ තරු නෙත් විතරයි
මණ්දාකිනියේ

සිදු සිදුනත්
සිදී නොයන
සිත් කදුලු දියේ

සදු නිවුනත්
නිවී නොයන නෙත් එලිය ගෙනේ
මට ඇවිදින්
කතා කරන
මද සුළග වගේ

මදු මලකට
වඩා සුවද
සිහින මල මගේ
සිහින මල මගේ
සිහින මල මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sidu Sidunath Song Lyrics - සිදු සිදුනත් ගීතයේ පද පෙළ Sidu Sidunath Song Lyrics - සිදු සිදුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment