Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ

Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ
Song Title : Sanda (සඳ‎)
Lyrics : Samitha B. Atuwabendela


වැඩ ඇරී
එයි සඳ
දුම් වලාකුළු අතරින්
කිරණ දෑතින්
ගෙදර අහසේ කළුවර අහුමුලු
අතුගගා
ශුද්ධ කරමින්

වැඩ වැඩි දාට
ටාගට් කළුවර පිරී
අව අටවක වෙයි
වකුටුවී වකුටුවී වුව
එළිය දෙයි

ඇනුම්බැනුම් රාහු ආ දාට
පැළි හදවත
අමාවක වෙයි
ඒත් ආයෙත් පහුවදා
වටකුරුවට
අහස පුරා පායයි

දරුවන් හොඳින් නම්
පුන් සඳක් වෙයි
උළා රන් වන් පාට
මුහුණුවල
කෙමෙන් බැස යයි

බඩේ
සස කළලය තියාගෙන
නතර නොවී
ජීවිතය වටා
භ්‍රමණය වෙයි
සහසක් තරු මැඳ
පරණ චීත්තය ඇඳගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ Sanda Song Lyrics - සඳ‎ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2021 Rating: 5

0 comments:

Post a Comment