විස නැසුම ට රෝග සුවයට - රෑන පැපොල් ( මල් ගස්ලබු ) [ Raana Papol ( Mal Gaslabu ) ] - Your Choice Way

විස නැසුම ට රෝග සුවයට - රෑන පැපොල් ( මල් ගස්ලබු ) [ Raana Papol ( Mal Gaslabu ) ] - Your Choice Way
🌿 වෙද කමක්  සඳහා,  බටහිර  දෙසට  ඇදුණු රෑන  පැපොල්  මුලක්   සොයා  ආවකු කියා  සිටියේ,  විෂ  වෙදකම්  සූර්යයා  හා  සම්බන්ධ  බවත්,  හිරු  නැගීමේ බැසීමේ  දිසාව  අනුව  විස  වැඩි  අඩුවීම්    සිදුවන බවත්,  වෛද්‍යවරුන්  පාරම්පරික දැනුමින්  ප්‍රත්‍යක්ෂ  කරගෙන ඉන්නා බවයි . 

🌿 ඒ  අනුව ප්‍රතිකාරයට  යොදාගන්නා   කොළ  පොතු  පවා  බටහිර දෙසින්  ලබාගන්නා  බව සඳහන්  කෙරුණා.

🌿 සුවිශේෂ  වශයෙන්    සර්ප වෙද  කමට  යොදාගන්නා    රෑන  පැපොල්  ශාකයේ  ගෙඩි  විරහිත  බැවින්  එය   මල්  ගස්ලබු,  පිරිමි  ගස්ලබු  නම්වලින් ද හැඳින්වෙනවා.  වෙද කමේදී  විෂ කුම්භ  ලෙස  සඳහන් වුවද,  ඒ  පිළිබඳව මත  බෙදුම්  පවතිනවා.

🌿 විෂ  නැසීම  හැරුණු විට,  කැඩුම්  බිඳුම්,   පිළිකා,  වකුගඩු  රෝග,  මලබද්ධය  ඇතුළු  ජීර්ණ  පද්ධතියේ  රෝග,    ගෙඩි,   පනු  ගෙඩි,    රුධිර  පට්ටිකා  අඩුවන  ඩෙංගු  වැනි  උණ  රෝග  මර්දනයට    යොදාගැනෙන  බව  සඳහන්  වෙනවා.

🌿 ඖෂධ සඳහා  මෙහි,   පත්‍ර  මුල්  මල්  පොතු  කිරි  යොදාගන්නා  අතර  සර්ප  විෂට   පස් පංගුව ම ගැනෙන  බව  සඳහන්. 

🌿 විස  නැසීමට  දෙහි  ඇඹුලින්  අඹරා   දෂ්ට  තන්හි ආලේප  කරනවා .  

🌿 මල් රෑන්  අතර  කුඩා ගෙඩියක් දෙකක්  එල්ලෙන ශාකයක  ඇට  කහ සමග  මිශ්‍ර  කර  පත්තෑ විෂ  නැසීම  ට  ගල්වන  බව පැවසෙනවා.

🌿 මුඛයේ  පනු  ගෙඩි  සුව කිරීමට  කිරි  යොදාගන්නවා. 

🌿 පාදයේ  ගැඹුරට  කටු ඇනුණු  විට  ශාක  මුල්   කහ  සමග  තලා   පොල්කිරෙන්  තම්බා  බඳිනවා. 

🌿 වකුගඩු  රෝගයට  ඖෂධ  සැකසීමට ද     රෑන  පැපොල්  පත්‍ර  යොදාගන්නවා

🌿 මෘදු  කාරකයක්  සේ  ක්‍රියාත්මකවන බැවින්  කැඩුම්   බිඳුම් වලදී   අස්ථි මෘදු කිරීමට  යොදාගන්නවා.  මස්  පිසීමේදී   මෙලෙක් වීමට      ශාක  පත්‍ර  යොදන්නේ    මෘදුවීමේ  ගුණය  ඇතිනිසයි. 

🌿 රුධිර  පට්ටිකා  අඩුවනවිට    පත්‍ර   යුෂ   ඊට  ප්‍රතිචාර  දක්වන  බව  සඳහන් .  ඩෙංගු  රෝගයේ  දී    ඒ  සඳහා    ශාක  පත්‍ර   යොදා  ගැන්ම, පර්‍යේෂණ  මට්ටමේ  පවතින  බව  පැවසෙන   අතර  , ප්‍රායෝගිකව  එය  සාර්ථකවූ  අවස්ථා  දක්නට  ලැබෙනවා.

🌿 ඒ  සඳහා  රැන  පැපොල්  ශාකයේ  කරටියේ   සිට පස්වැනි  පත්‍රය  යොදාගත  යුතු බවත්,එහි  පත්‍රය  බෙදෙන  කොටසක්  ගෙන  හොදින්  සෝදා  ලී  වංගෙඩියක  දමා  කොටා  මිරිකා  යුෂ  ලබාගත යුතු බවත්,

🌿 නැවුම්ව  ඉන්   තේ හැඳි  දෙකක්  ලබා  දිය  යුතු බවත්,,   පරණ   කොට  දීමෙන්    විෂබීජ  ඇතුළුවී  අහිතකර    තත්ත්වයන්  ඇතිවිය  හැකි බවත්  සඳහන්.

🌿 රෑන  පැපොල්  හදවතට  ද  හිතකරයි .   ශාක මුල්    පිරිසිදු කර  සිහින්ව  ලියා   ඒ   හා  සමානව  සුදුලූනු  මිශ්‍රකොට    රතුලූනු   යහමින්  දමා   තුනපහ  වර්ග  මිශ්‍ර  කොට  පිසගන්නා  වෑංජනය   හදවතට   ඉතා  ගුණදායක  ලෙස සැළකෙනවා. 

🌿 එසේම  රැන  පැපොල්  මල්  වෑංජනය  ද    මල  බද්ධ  අපහසුතා   දුරලමින්  ජීර්ණ  පද්ධති‍යේ  මනා  ක්‍රියා  කාරිත්වයට  උපකාරිවන්නක් .

🌿 රෑන පැපොල්  දුටුවිට  කපා විසි  නොකර   තබාගැන්මෙන්  හා  නිසි  පල  ලබාගැන්මෙන්   එය  නිරෝගි    සුව  ළඟාකර ගැනීමට   උපකාරිවන වන  බව  කිව හැකියි.

විශ්මිත හෙළ ඔසු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විස නැසුම ට රෝග සුවයට - රෑන පැපොල් ( මල් ගස්ලබු ) [ Raana Papol ( Mal Gaslabu ) ] - Your Choice Way විස නැසුම ට රෝග සුවයට - රෑන පැපොල් ( මල් ගස්ලබු ) [ Raana Papol ( Mal Gaslabu ) ] - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 11, 2021 Rating: 5

0 comments:

Post a Comment