Aluth Sahal Mangallaya Kaleta Song Lyrics - අලුත් සහල් මංගල්ලය කාලෙට ගීතයේ පද පෙළ

Aluth Sahal Mangallaya Kaleta Song Lyrics - අලුත් සහල් මංගල්ලය කාලෙට ගීතයේ පද පෙළ
Song Title : Aluth Sahal Mangallaya Kaleta (අලුත් සහල් මංගල්ලය කාලෙට)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා) සහ Neela Wikramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය)
පද : අශෝක කෝවිලගේ
සම්ප්‍රදායික ජන ගී නාද (කෙළි ගී) රටා ඇසුරින් සැකසුණු ගායනයකි.
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.


අලුත් සහල් මංගල්ලය කාලෙට
අත මිට හිඟ නැති පින්කම් කාලෙට
යාග පොළේ ......
යාග පොළේ බෙර හඬ නද දීමට
අපි එනවා යළි ඔය ගම්මානෙට
අපි එනවා යළි ඔය ගම්මානෙට

ඉල්ලන පලියට බහ දුන් කාලේ
අහවර විය ගම්වල අද කාලේ
හිත නම්මන්නට පෑවට ලීලේ
පින්කම් කාලෙට විතරද ආලේ
පින්කම් කාලෙට විතරද ආලේ

වේල දෙවේලට කුස පුරවන්නයි
තම්මැට්ටම් බෙර හඬ නංවන්නේ
ආල සිනා ....
ආල සිනා පෑ නුඹ දැක ගන්නයි
පින්කම් කාලෙට ගම රට එන්නේ
පින්කම් කාලෙට ගම රට එන්නේ

ලෙන්ගතු කම යයි උඩු ගම් බැද්දේ
අපි නවතිනවා අපෙ ගම් මැද්දේ
නිනව් නෙවෙන්නට ඔය බෙර සද්දේ
නාවත් කම් නැහැ මේ අවුරුද්දේ

අපි එනවා යළි ඔය ගම් පැත්තේ
නාවත් කම් නැහැ මේ ගම් පැත්තේ ....///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aluth Sahal Mangallaya Kaleta Song Lyrics - අලුත් සහල් මංගල්ලය කාලෙට ගීතයේ පද පෙළ Aluth Sahal Mangallaya Kaleta Song Lyrics - අලුත් සහල් මංගල්ලය කාලෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment