Rosa Malayi Pichcha Malayi Song Lyrics - රෝස මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළ

Rosa Malayi Pichcha Malayi Song Lyrics - රෝස මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළ
Song Title : Rosa Malayi Pichcha Malayi (රෝස මලයි පිච්ච මලයි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


දියණියයි ඈ හුරතලෙන්
දග කරන සැම තැන දුව දුවා
සැමට ගෙනදුන් එලිය නුබමයි
දෝනි සැමදා වාසනා

වත්තේ පිපි සැම මල් පරදමින්
ඈ පිපී ඇත්තේ හද පුරා 
රෝස මල් කැකුලයි ඈ මගේ 
ජීවිතය සරසන සෑමදා

රෝස මල් කැකුලගේ තනියට
සෙමෙන් පැමිණිය දූ මෙදා
පිච්ච මල ඔබමයි මගේ
පොඩි දෝනි සැමදා වාසනා

මගේ ජීවින ගමන් මග තුල
දුක මකා සැනසුම ගෙනා
දෝනි ඔබමයි පිච්ච කැකුලී
මගේ දිවියට සුව ගෙනා

රෝස මලකුයි පිච්ච මලකුයි
ජීවිතේ කල එලි කලා
වෙනත් සතුටක් තිබේවිද 
පිය තුමා හට මින් මතුවටා

දවස් ගෙවිලා කැකුළු පීදී
සුවද හමනා නිදැල්ලේ
රෝස කැකුලියි පිච්ච කැකුලියි
සිනා පතුරයි පිය හදේ

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Malayi Pichcha Malayi Song Lyrics - රෝස මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළ Rosa Malayi Pichcha Malayi Song Lyrics - රෝස මලයි පිච්ච මලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment