වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella )

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ කැලේ මැද හැංගිලා තියෙන හරිම ලස්සන දිය ඇල්ලක් ගැන.ඒ නමින් රත්න ඇල්ලයි..

මේක පටන් ගන්නේ නකල්ස් වනාන්තරෙන් ඇරඹෙන හසලක ඔයෙන්. 

උසින් අඩි 300 ක් විතර වෙනවා.. මෙය උසම දියඇලි අතර එකක්..

ටික දුරක් පයින් ගිහින් තමයි ඇල්ල ළඟට යන්න ඕනැ.

පරිසරය හරිම ලස්සනයි..

රත්න ඇල්ල ඉතිහාසය පැරණි රාවණා යුගය දක්වා ඇදී යනවා.. එහිදී රාවණා රජු මෙම ප්‍රදේශයේ සීතා කුමරිය සමග විසූ බව ජනප්‍රවාද සදහන් වෙනවා..

එහිදී රාවණා රජු සීතා සමග මෙම දියඇල්ල ප්‍රදේශයේ දිය කෙලියේ යෙදුනු බවද කියැවෙනවා..

මේ ඇල්ල යටින් උමගක් තිබුනා කියලත් කියනවා..

සමහරු කියනවා මෙම ප්‍රදේශයේ ගුප්ත බලවේග ක්‍රියාත්මක වනවා කියලා ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..

එසේනම් ඔබ මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කලහොත් මෙම දිය ඇල්ලේ අසිරිය නැරඹීමට අමතක නොකරන්න. 

මෙය තවමත් ලංකාවේ අය වැඩිපුර නොයන ලස්සන ස්ථානයක්..

මේ ඇල්ලට මේ රත්න ඇල්ල කියන නම ලැබිලා තියෙන්නේ මේ ඇල්ල අවටින් ඒ කාලේ මැණික් හම්බෙලා තියෙනවා ඒ නිසාලූ මෙයට රත්න ඇල්ල කියන නම දාලා තියෙන්නේ..

මේ ඇල්ලට නවරත්න ඇල්ල කියලත් කියනවා ඒ එවක සිටි අමාත්‍ය වරයකු මේ ඇල්ල හරහා වේල්ලබැද අවට කුඹුරු වලට ජලය ලබාදීමට කල සේවය අගයමින් මේ නමට ඔහුගේ නමින් නවරත්න ඇල්ල කියලා නම් පට බැදී තියෙනවා..

මේ දියඇල්ල අවට පරිසරය ලස්සන වුණත් පොඩි ගුප්ත පෙනුමක් තියෙනවා..

ඔයාලා මෙහි ගියාට කමක් නෑ හැබැයි මේ වතුර ටික පරිසරය විනාශ කරන්න එපා මේ ජනතාව ජීවත් වෙන්නේ මේ ඇල්ලේ වතුර ටිකෙන්..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way

වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) වනයේ සැගවුණු - රත්න ඇල්ල 🍃🌳🌸🌺🌳 ( Rathna Ella ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment