දහවල් හඳ (Noon Moon)

දහවල් හඳ (Noon Noon) - Your Choice Way
සමහර වෙලාවලට දවාලටත් හඳ දකින්න පුළුවනි: ඒ ඇයි?

හැමදාම නොවුණත් ඉඳහිට දවාලටත් හඳ පේන දවස් තියනවා තමයි. මේ සංසිද්ධිය පිටුපස සාධක දෙකක් තියනවා මුලින්ම කියන්න තියෙන්නේ සඳ ඉතාමත් දීප්තිමත්. එය කොයිතරම් දීප්තිමත් ද කීවොත් දිවා කාලයේ අහසේ නිල්පැහැ පසුබිමේ වුව ද එය දැකගන්න පුළුවනි. ඒත් සඳ සුර්යයා තරම් දීප්තිමත් නැහැ තමයි. මොකද චන්ද්‍රයාගෙන් එළියක් විහිදෙන්නේ නැහැනේ. සඳ බැබලෙන්නේ සුර්යයාගේ එළිය පරාවර්තනය කරමිනුයි. ඒ කෙසේ වුණත්, රාත‍්‍රී කාලයේ අප අහසේ දකින දීප්තිමත්ම තාරකාවට වඩා සියක් දහස්වාරයක් දීප්තිමත්වයි චන්ද්‍ර‍යා අපට දර්ශනය වන්නේ .

සලකා බැලිය යුතු දෙවැනි කාරණාව තමයි, චන්ද්‍රයා පෘථිවිය වටා යන්න ගත වෙන්නේ දළ වශයෙන් මාසයකට ආසන්න කාලයක් යන බව. එම කාලයෙන්, ඒ කියන්නේ පසළොස්වක ආසන්නයේ චන්ද්‍රයා සිටින්නේ අහසේ සුර්යයාට විරුද්ධ දිසාවේයි. එවිට, සුර්යයා බැස යද්දී චන්ද්‍රයා නැගී එනවා. ඒත් ඉන් අනතුරුව ගතවෙන සෑම රාත‍්‍රියකම චන්ද්‍රයා පායා එන්නේ පැයක් පමණ ප‍්‍රමාදවයි. ඔහොම යනවිට චන්ද්‍රයා සුර්යයා සිටින දිශාවට ක‍්‍රම ක‍්‍රමයෙන් අළුයම කාලය වන විට ළං වෙනවා. අන්තිමේදී අමාවක කාලය වනවිට  සුර්යා පායා එන සහ බැස යන වෙලාවට සමානව චන්ද්‍රයා ද පායා ඇවිත් බැස යනවා.

ඉන් අනතුරුව, සෑම රාත‍්‍රියකම චන්ද්‍රයා ආකාශයේ සුර්යාගෙන් ඈතට යනවා එය නැවත පුර්ණ චන්ද්‍රයා බවට පත්වන තුරුම සූර්යාලෝකයෙන් චන්ද්‍රයා ආලෝකමත් වන කොටස  පවතින්නේ සුර්යයා හා පෘථිවිය අතර චන්ද්‍රයා ස්ථාන ගත වන කෝණය මතයි. මේ නිසා තමයි විවිධ චන්ද්‍ර කලා ඇතිවෙන්නෙත්.

සුර්යයාලෝකය චන්ද්‍රයා මත වැටී පරාවර්තනය ආකාරය පෘථිවියේ වසන මෙම චන්ද්‍ර කලා අතර තුර අපට දැකගත හැකියි. අන්න එවිට දවාලටත් අපට සඳ දැකිය හැකියි. නැවතත් අප චන්ද්‍රයා දකින්නේ සුර්යයා අස්ථානගත වීමෙන් අනතුරුව නම් ඒ කියන්නේ චන්ද්‍රයා අමාවක සිට පසළොස්වක දක්වා යන බවයි. එවිට සෑම උදයකට අපට වැඩිවැඩියෙන් චන්ද්‍රයා දකින්න ලැබෙනවා.

චන්ද්‍රයා රාත‍්‍රී කාලයේ අහසේ ගත කරන පැය ගණනම දිවා කාලයේදීත් අහසේ ගත කරනවා. එහෙත් අප චන්ද්‍රයා ගැන කල්පනා කරන්නේ රාත‍්‍රී කාලයේ පමණක් පායා එන්නක් හැටියටයි. හැබැයි ඉතින් චන්ද්‍රයා රාත‍්‍රී අහසේ ඉතා දීප්තිමත්ව බබලන නිසා අපට වඩා හොඳින් එය දර්ශනය වෙනවා තමයි. මෙතැනදී මතක තබා ගත යුත්තේ අපි දිවා කාලය කියලා සලකන්න පුරුදුවෙලා තියෙන්නේ සුර්යයා අපගේ දෑසට පෙනෙන කාලයටයි කියන එකයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දහවල් හඳ (Noon Moon) දහවල් හඳ (Noon Moon) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment