Nim Therak Nodutu Song Lyrics - නිම් තෙරක් නොදුටු ගීතයේ පද පෙළ

Nim Therak Nodutu Song Lyrics - නිම් තෙරක් නොදුටු ගීතයේ පද පෙළ
Song Title : Nim Therak Nodutu (නිම් තෙරක් නොදුටු)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ.. සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nim Therak Nodutu Song Lyrics - නිම් තෙරක් නොදුටු ගීතයේ පද පෙළ Nim Therak Nodutu Song Lyrics - නිම් තෙරක් නොදුටු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2021 Rating: 5

0 comments:

Post a Comment