Mr. Love Song Lyrics - Mr. Love ගීතයේ පද පෙළ

Mr. Love Song Lyrics - Mr. Love ගීතයේ පද පෙළ
Song Title : Mr. Love (Mr. Love)
Melody - Kasun Wickramasinghe 
Music - Kasun Wickramasinghe & Kushan Chamupathi @Rabbitunes Studio.
Lyrics - Nadeesha Kalani (casper)


සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලා
ඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලා
කඳුළු මට තියලා – ඇයට හිත පුදලා
මලට විස පොවලා – ඉගිලුනා බඹරා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා
Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

ඔලුවෙ අත තියලා – ඇස් වලින් දොඩලා
මගෙ මැණික කියලා – කිව්වේ පැණි ඉහලා
මගේ අතින් අල්ලා – ඇයට ඉඟි කරලා
බොරුම තව ගොතලා – දුන්නෙ මට ඔතලා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා

Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mr. Love Song Lyrics - Mr. Love ගීතයේ පද පෙළ Mr. Love Song Lyrics - Mr. Love ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, February 22, 2021 Rating: 5

0 comments:

Post a Comment