පාඩම් කරන අයට වැදගත්ම ලිපිය 👌👍 (The Most Important Article For Those Who Study)

පාඩම් කරන අයට වැදගත්ම ලිපිය 👌👍 (The Most Important Article For Those Who Study) - Your Choice Way
කොච්චර පාඩම් කළත් අමතක වෙනවද? ටිප්ස් 07😨😱😍😍😍😍 සෙයාර් කරලා කියවන්න🙏❤️

ඉතින් සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔයාලා පාඩම් කරපුවත් දැන් සමහර විට අමතක වෙලාත් ඇති. සමහරවිට මේ ලිපිය කියවන ඔයාලගේ නංගිලා මල්ලිලා, දුවලා පුතාලටත් මේ ප්‍රශ්නේ ඇති. එහෙනම් පාඩම් මතක තියාගන්න උදවුවෙන මේ ටිප්ස් හත ඔයාට ගොඩක් වැදගත් වේවි.

1. Flash Cards වලින් සෙල්ලම් කරමුද?

Flash cards ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. නැත්නම් අද පළවෙනි වතාවට ඇහුවා වෙන්නත් පුළුවන්. සරලවම Flash card එකක් හදන විදිය කිව්වොත් මුලින්ම ඔයාට කරන්න තියන්නේ කාඩ්බෝඩ් එකකින් ඔයා කැමති ප්‍රමාණයට කොටු කපාගන්න එක. ඊට පස්සේ එක පැත්තක ඔයාගේ පාඩම් පොතේ නොතේරෙන ප්‍රශ්නයයි. අනික් පැත්තේ උත්තරෙයි ලියන්න. උත්තර ලියද්දි ඔයාට ඒක පොතේ තියන විදියටම නැතුව ඔයාගේ වචනයෙන්, එහෙම නැත්නම් චිත්‍ර වගේ දේකින් සටහන් කරගන්න පුළුවන්. අන්තිමේදී ඔයා හදපු කාර්ඩ්ස් (ප්‍රශ්නේ තියෙන පැත්තට) ශෆල් කරලා ඔයා උත්තරේ හිතින් කියන්න. ඕක දවසට තුන් හතර පාරක් කළොත් ඒ දේවල් ඔයාට අමතක වෙන එකක් නෑ.

2. පොඩි Targets තියාගන්න

මේ වැඩෙත් හුඟාක් සාර්ථක ක්‍රමයක්. අපි ඒකට උදාහරණයක් කියන්නම්කෝ. මෙහෙමයි, “මම ගණන් පොතේ කුලක පාඩමේ අභ්‍යාස ඔක්කොම හරියට හැදුවට පස්සෙයි මම අද කැමතිම ටීවී සීරීස් එක බලන්නේ, එහෙම නැත්නම් මගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ” කියලා පාඩම් වැඩට මුල් තැන දීලා Target එකක් හදාගන්න. 

3. Past Papers හරියට කරමු

ඔයාලා අනිවාර්‍යෙන්ම exam එකකට කලින් Past papers කරනවාත් ඇති, නැතුවත් ඇති. මේ වැඩේ බොහෝ අයට පෞද්ගලිකව හරි යන ක්‍රමයක්. මීට අවුරුදු තුනහතරකට කලින් ආපු, ඔයාට වැදගත් පාස්ට් පේපර්ස් ඔක්කොම කරන්න. ඊට පස්සේ ඒ පේපර්ස් වල තියන එක සමාන දේවල් හයිලයිට් කරන්න. නැත්නම් මාර්ක් කරගන්න. තව දෙයක්, ඔය පාස්ට් පේපර්ස් වල වැරදෙන ඒවා ආයේ කරන්න. ඔයා හිතන්න ඒ ප්‍රශ්න අනිවාර්‍යෙන්ම එනවා කියලා. එතකොට හොඳට මතක හිටියි.

4. Youtube බලමුද?

ඔයාට නොතේරෙන දෙයක්, විශේෂයෙන් විද්‍යාව වගේ විෂයයන් වල නොතේරෙන දේවල් අනිවාර්‍යෙන්ම Youtube වීඩියෝ වල තියෙනවා. ඒවා ඒකේ සර්ච් කරලා හොයාගන්න. ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා දෘශ්‍ය මාධ්‍යය හුඟාක් මතක හිටිනවා. හොඳම උදාහරණය ඔයා බලපු ටීවී සීරීස් එකක් ලොකු කාලයක් යනකන් ඔයාට අමතක වෙන්නෑනේ  ඒ වගේ තමයි… 

5. Teacher කෙනෙක් වෙමු! 

මේ වැඩේත් හුඟාක් සාර්ථක බව විද්‍යාත්මකව පවා ඔප්පු වෙලා තියනවා. මේ දේත් හරිම ලේසියි. මෙහෙම හිතන්නකෝ… ඔයා ඉතිහාසය පොතේ එක පාඩමක්ම පාඩම් කරනවා. නැත්නම් භාගයක්වත්. ඊට පස්සෙ ඕක ඔයාගෙ නංගිට, මල්ලිට හරි එහෙම කවුරුත් නැත්නම් ගෙදර ඉන්න ටෙඩියට හරි එහෙමත්ම නැත්නම් බිත්තියට හරි උගන්නන්න. ඒකත් පාඩම් මතක හිටින්න උදවු වෙන හුඟාක් සාර්ථක වැඩක්.

6. යාළුවෝ එකතු කරගමුද?

මේ වැඩේ නම් හැමෝම දන්න එකක්. යාළුවොත් එක්ක පාඩම් කරද්දි තනිවම පාඩම් කරනවට වඩා ලේසි වෙන්නේ එතනදී කම්මැලි කමක් දැනෙන්නේ නැති නිසා. හැබැයි එහෙම කියලා පාඩම් කරන මුළු වෙලාවෙම වල්පල් කියව කියව ඉන්න එක නෙමේ මෙතනින් අදහස් කළේ. පංතියේ හොඳ බ්‍රයිට් යාළුවො හතරක් පහක් එකතුකරගෙන පාඩම් කරන්න. එතකොට ඔය හතරදෙනාගෙම දැනුම ෂෙයාර් කරගන්න පුළුවන්නේ. ඊට පස්සේ එක්සෑම් එකට අනිවා අඩුම තරමේ C එකක්වත් ගන්න පුළුවන්. 

7. Shortcuts හොයාගමු! 

මේකනම් ලේසිම වැඩක්. ඔයාලට මතකද පොඩි කාලේ දිශා හත මතක තියාගත්ත විදිය “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්.” ඕක තාමත් අපිට මතකයිනේ. ඔය වගේ අපි පාඩම් කරන ඒවට මේ විදිය කළොත් අනිවා exam එක ගොඩ. ට්‍රයි කරලා බලන්න පුළුවන් තරම් ඔයාම එහෙම කවි, කතා හදාගන්න. 

මේ ටිප්ස් හත ඔයාලත් ට්‍රයි කරන්න. යාළුවොත් එක්ක, දුවලා පුතාලත් එක්ක බෙදාගන්න. exam වලට බයවෙන්නැතුව මුහුණ දෙන්න. එහෙනම් ඔබට ජය!

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි❤️👍💪💪💪🙏 ස්තුති 🙏
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාඩම් කරන අයට වැදගත්ම ලිපිය 👌👍 (The Most Important Article For Those Who Study) පාඩම් කරන අයට වැදගත්ම ලිපිය 👌👍 (The Most Important Article For Those Who Study) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2021 Rating: 5

0 comments:

Post a Comment