කන්න බොන්න කටරොළු මල් (Katarolu Mal)

කන්න බොන්න කටරොළු මල් (Katarolu Mal)
ලස්සන මලින් පිරුණු ගෙවත්තක් අපි හැමෝගෙම හීනයක්. ලොකූ ඉඩ ප්‍රමාණයක් නැති උනත් තියෙන සීමිත ඉඩ ප්‍රමාණයේ හරි මල් පැලයක් වවාගන්න බොහෝ ගෘහණියන් පෙළඹෙනවා. බොහොම ලේසියෙන් වවාගන්න පුළුවන් අලංකාර මල් විශේෂයක් තව දුරටත් ගෙවතු අලංකරණයට පමණක්ම සීමා නොකර අපේ ආහාරයට එකතු කරගන්න  වගේම එහි සැගවී තියෙන පෝෂණ ගුණාංග පිළිබදවයි අද අපේ ලිපිය වෙන්වන්නේ.....

කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ නිල් හා සුදු කටරොළු ලෙසයි. 

කටරොළු ශාකයේ මුල්, මල්, කොල, පොතු, ඇට යන පංචාංගයම රෝගයන්ට ඖෂධයක් ලෙස භාවිතයට ගන්නා අතර, සියලුම සමේ රෝගයන් සඳහා සුවය ලබාදෙන විශ්මිත ඖෂධයක් ලෙසත් ප්රචලිතයි.

කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා කටරොළු මුල් ඉතාම ගුණදායක වනවා.

කටරොළු මුල් වියලා දුම් ඇල්ලීම මඟිනුත් කටරොළු ශාඛයේ පංචාංගයම තම්බා කෂාය පානය කිරීම මඟිනුත් ශරීරයේ ඇති සෙම සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න පුලුවන්.

ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. නිල් කටරොළු වියළි මුල් සහ පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම මඟින් ආමාශගත තුවාල මෙන්ම ආමාශික රෝග බොහෝමයක් සුවකරගත හැකියි.

රුධිරය ගලන අර්ශස් අවස්ථාවකදී එය සුවකිරීම සඳහා යොදාගන්නේද කටරොළු කෂායයි. එමෙන්ම සම්පූර්ණ කටරොළු ශාකය ගලේ අඹරා තලපයක් සකස්කර එය අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් අර්ශස් රෝගය සුවකරන්න පුළුවන්. 

කටරොළු පංචාංග කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල් සහ මුත්‍රා අඩස්සි සහ මුතරා මාර්ගය සම්බන්ධ සියලුම රෝග සුවකල හැකියි. 

එමෙන්ම සුදු කටරොළු මල් ස්වල්පයක් වතුර පත 04 කට දමා එය එකට සිඳුවා පානය කිරීම මඟින් ගලගණ්ඩය රෝගය සුවකල හැකිබවද හොයාගෙන තියෙනවා.

කටරොළු මුල් කෂාය පානය මඟින් මානසික ආතතිය නැති කිරීමේ හැකියාව පවතින බවද මේ වන විට පර්යෙක්ෂණ මඟින් තහවුරු කර ඇති අතර, ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිරය ගැලීම් වැනි තත්ත්ව සුවකරන්නත් මෙය අගනා ඖෂධයක්.

තද හිසේ කැක්කුමකදී කටරොළු කොල කිහිපයක් තලා බිංදු දෙකක් පමණගෙන නාසයෙන් ඉහලට ඇදීම මඟින් ක්ෂණික සුවයක් ලබාගතහැකි අතරම, ගර්භාෂ රෝගවලදී හා ආර්තව වේදනාවලදී නිල් කටරෝළු මල් කෂාය පානය කිරීමෙන් වේදනාව සමනය කරගත හැකියි.

ඒ වගේම තමයි සුදු කබර රෝගය සඳහා කටරොළු ශාක‍යේ මුල් ගලේ අඹරා සුදු කබර මත ආලේප කිරීම මඟින් සුදු කබර රෝගයෙන් මිදීමේ හැකියාවක් පවතිනවා.

අපි දැක තිඛෙනවා ඇතැමුන්ට ශරීරයේ විවිධ දුර්වලතා නිසා අසීමිත ලෙස දහදිය දමනවා. එවන් අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉ`ගුරු සමව ගෙන අඹරා කල්කයක් වගේ සාදා ආහාරයට ගන්න පුළුවන්. දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.

ඖෂධයක් ලෙසට අමතරව සූපවේදයේදි කටරොළු මල් යොදා ගන්නා ආකාරය පිළිබදව දැන් අපි බලමු.

🔸නිල් කටරොළු පානය සදාගන්නා සාදාගන්නා ආකාරය.

  1. උතුරුවාගත් උණුවතුර අවැසි පරිමාණයකින් ගෙන කටරොළු මල් එයට දමා පියනකින් වසා තබා කටරොළු මල් යුෂ ජලය හා මුසුවීමට විනාඩි 10 ක් පමණ වසා තබන්න. 
  2. ඉන්පසු එය පෙරා දෙහි යුෂ අවශ්‍ය පමණ එක්කර පානයට ගන්න.ඔබට අවශ්‍යනම් එයට ලුණු හෝ සීනි ද එක්කරගත හැකියි.

🔸 නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය.

  1. මදක් වියලාගත් නිල් කටරොළු මල් පෙති තද උණු වතුරට දමා විනාඩි 15 ක් පමණ වසා තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරෙනවා. 
  2. ඉන්පසු සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය බතක් උයන ප්රමාණයට වඩා අඩුවෙන් ජලය දමාසහල් ලිප තබන්න. 
  3. පෙණ දමා බත ඉදීමට ආසන්න වන විට කලින් සාදාගත් කටරොළු මල් යුෂ සහිත ජලයද එයට එක් කරන්න. (සහල් හුණ්ඩු 03 ක් සඳහා කටරොළු මල් 10 ක් පමණ සෑහේ.)

🔸නිල් කටරොළු තේ

අවශ්‍ය ද්‍රව්‍ය:

⏺️නිල් කටරොළු මල් 5-6
⏺️උණු වතුර කෝප්ප 1

සාදන ආකාරය:

  1. මල් ටික උණු වතුර එකේ දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියල බොන්න. 
  2. කැමති නම් ලුණු ටිකක් දාගන්න. 
  3. දෙහි බින්දුවක් එකතු කරගත්ත නම් මේ තේ එකම දම්පාටට හදාගන්නත් පුළුවන්.

🔸කටරොළු ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය:

⏺️නිල් කටරොළු මල් 10-12
⏺️අගර්-අගර් මේස හැඳි 3
⏺️සීනි මේස හැඳි 3
⏺️මිටිකිරි කෝප්ප 1
⏺️ලුණු

සාදන ආකාරය:

  1. මල් ටික වතුර කප් භාගයක් දාලා ලිපේ තියලා තැම්බුණාම මල් ටික ඒ වතුරටම හොඳට පොඩි කරල යුෂ පෙරාගන්න. 
  2. වෙනම භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට අගර් අගර් දාලා සීනි ටිකත් දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් ලිප ඔන් කරගන්න. වතුර නටනකොට නිල් කටරොළු වතුර ටික එකතු කරගන්න.
  3. මේකට මිටිකිරි කෝප්ප 1ක් වගේ දාලා ලුණු දාලා කලවම් කරගන්න. හොඳට නටනකොට ලිප ඕෆ් කරගන්න. දැන් මේ මිශ්‍රණය වීදුරු බෝල් එකකට හෝ ජෙලි මෝල්ඩ් එකකට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න. 
  4. ටිකකින් ඔයාලට පෙනෙයි කිරි ලේයර් එක හා නිල් කටරොළු යුෂ ලේයර් එක වෙන් වෙලා තියන හැටි. තව පැය කිහිපයක් හොඳට සෙට් වෙන්න කූල් කරලා කෑමට ගන්න. නියම අතුරුපසක්.
මූලාශ්‍ර : අන්තර්ජාලය
👉ඔබ කිසියම් හෝ අලුත් දෙයක් දැනගත්තානම්, අපේ පේජ් එකට ලයික් එකක් දාන්න.

👉මෙවැනි තවත් පෝස්ට් දිනපතා කියවන්න රැදී සිටින්න අපත් සමගම. 

➡️ඔබේ දායකත්වය අපගේ සතුටයි.

➡️පෝස්ට් එක Like කරන්න, Share කරන්න, Comment කරන්න.

අපි 👉 Food for healthy life
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කන්න බොන්න කටරොළු මල් (Katarolu Mal) කන්න බොන්න කටරොළු මල් (Katarolu Mal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2021 Rating: 5

0 comments:

Post a Comment