Awasan Pema Mage Song Lyrics - අවසන් පෙම මගේ ගීතයේ පද පෙළ

Awasan Pema Mage Song Lyrics - අවසන් පෙම මගේ ගීතයේ පද පෙළ
Song Title : Awasan Pema Mage (අවසන් පෙම මගේ)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකි නම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ

මගේ අඩුපාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉදලා
දින සති රහසේ තනිවෙලා නොදැන ගෙවිලා
යලි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

ඔබේ අත ගන්න සදා මම පිං නොකල නිසා
එළබෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝඅග බුදුගේ මුනි දෙපා වදිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ බෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකි නම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasan Pema Mage Song Lyrics - අවසන් පෙම මගේ ගීතයේ පද පෙළ Awasan Pema Mage Song Lyrics - අවසන් පෙම මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment