ලෙන් 99ක් සහිත - පිළිකුත්තුව රජමහා විහාරය ☸️🙏❤️ ( Pilikuththuwa Rajamaha Viharaya )

ලෙන් 99ක් සහිත - පිළිකුත්තුව රජමහා විහාරය ☸️🙏❤️ ( Pilikuththuwa Rajamaha Viharaya ) - Your Choice Way
අද අපි කතා කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සුවිශේෂි ප්‍රාග් ඓතිහාසික පුදබිමක් ගැනයි..ඒ නමින් පිළිකුත්තුව රජ මහා විහාරය‍යි..

මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකියි...

මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක හමුව තිබෙනවා...

මේ ගමට පිළිකුත්තුව කියන නම ලැබුනේ මෙහෙමයි..

රජ දරුවනට පිළි සැපයූ ගම්මානය, වළගම්බා රජ බිසවගේ පිළි සඟවා තැබූ ස්ථානය යන්නෙන් බිඳී ‘පිළිකුත්තුව’ යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

අක්කර 200ක විතර වනය පුරා කටාරම් කෙටූ ගල් ලෙන් ද ඇතුළු ව ගල් ලෙන් 99ක් විතර මේ පුදබිම පුරා විසිරී තිබෙනවා.

අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 200ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 52ක පමණ ප්‍රමාණයක් රජමහා විහාරය සතුව පවතී.. 

ඒ වගේම ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක්ද විහාරයට අයත්ව පවතිනවා..

බස්නාහිර පලාතේ වැඩිම ලෙන් සහිත විහාරය මෙයයී..

අනුරාධපුර යුගයේ දී රහතන් වහන්සේලා පිරිවරා ගත් සංඝයා වහන්සේලා හුදෙකලාවේ බවුන් වැඩූ වන සෙනසුනක් විදියට මේ සෙනසුන පැවති බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.

මේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙත ගියාම අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලි ව දිස්වන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිර්‍ර්ක්ෂණයට අතීතයේ භාවිත කරන්න ඇතී..

මේ ගැන තවත් කරුණු ගොඩක් තියෙනවා ඉදිරියේදී ඒවා ලියන්නම්...

ඔබ ගම්පහ අවට කෙනෙක් නම් මේ ප්‍රාග් ඓතිහාසික පුදබිම වැදපුදාගන්න අනිවාර්යයෙන්ම යන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ලෙන් 99ක් සහිත - පිළිකුත්තුව රජමහා විහාරය ☸️🙏❤️ (Pilikuththuwa Rajamaha Viharaya) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෙන් 99ක් සහිත - පිළිකුත්තුව රජමහා විහාරය ☸️🙏❤️ ( Pilikuththuwa Rajamaha Viharaya ) ලෙන් 99ක් සහිත - පිළිකුත්තුව රජමහා විහාරය ☸️🙏❤️ ( Pilikuththuwa Rajamaha Viharaya ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment