ඔබගේ ලේ වර්ගයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු (By Blood Type)

ඔබගේ ලේ වර්ගයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු (By Blood Type) - Your Choice Way

A+ / A-

ඔබ ගොඩක් බුද්ධිමත්,සංවේදී කෙනෙක්..ඒ වගේම ඔබ කරන කාර්‍යන් ගොඩක් කලාත්මකව කරනවා..සාර්ථක වෙන්න අධිෂ්ඨානයක් සහ ජවයක් ඔබ සතුව තියෙනවා...ඒ වගේම සමාජයේ කැපී පෙනෙන චරිතයක්...අසාධාරණයට කැමති නෑ..බොරු කියන අයට නම් පොඩ්ඩක්වත් කැමති නෑ...සමහර අවස්ථා වලදී අන් අයගේ හිත රිදෙයි කියා නිහඬව සිටියි..ඒ වගේම අන් අයට උදව් කරන්න ඉදිරිපත් වෙයි...පුංචිම පුංචි දෙයක් ගැන උනත් ගොඩක් හිතනවා...මේ නිසා මානසික පීඩාවන් ඇතිවෙනවා..රණ්ඩුවෙන්න කැමති නෑ.. ආදරය කරන කෙනා සමඟ වැරදි  වැටහීම් හා අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමෙන් ආදරය කරන කෙනාව නැතිකර ගන්න කැමති නෑ...ආදරය කරන කෙනා වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනවා..මොවුන් අවංක හොද ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්...තමන්ගේ පවුලේ අය වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවා..රැකියාවේ හෝ ව්‍යාපාරයේ ඉහලට යන්න උත්සාහ කරනවා..මොවුන් කාගෙවත් ඉස්සරහ මොවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නෙ නෑ..

B+ / B-

ඔබ නිර්මාණශීලී කෙනෙක්.ඒ වගේම ඉතා ඉක්මනින් තීන්දු තීරණ ගන්නවා..ඉලක්ක අත් හරින්න සූදානම් නෑ..ඔබ තරමක් ආත්මාර්ථකාමී කෙනෙක්..සෑම දෙයක් දෙස සැකයෙන් බැලීමට යොමු වේ...එමෙන්ම ඔබ විනෝදකාමි කෙනෙක්..වෙනස් වෙන චරිතයක් ඔබ සතුව තිබේ..ඔබ ක්‍රියාශීලි සහ ශක්තිමත් කෙනෙකි..පිරිසක් ඉදිරියේ ඉතා මිත්‍රශීලීව කටයුතු කරන අතර පහසුවෙන් එකිනෙකා සමඟ සම්බන්ධ වේ..පරිස්සමෙන් අන් අයව ඇසුරුකිරීම ඔබගේ වගකීමක්..

ඒ වගේම ඔබ ගොඩක් හිතුවක්කාර කෙනෙකි.ආදර සම්බන්ධතා හෝ විවාහ ජීවිතයේ තමන්ට ඕන දේ කර ගෙනයි ඔබ නවතින්නේ.. නිතර සිතන්නේ ඔබ කරන දේ හරි කියලා ඒ නිසා ඔබ සමහර අවස්ථා වලදී සුළු සුළු ප්‍රශ්න වලට පැටලෙන්න පුලුවන්...නමුත් ඔබ ඒ ප්‍රශ්න වලින් දෙයක් ඉගෙන ගෙන නැවත ඒ දේ නොකර ඉන්න තරම් බුද්ධිමත් වෙනවා...... ඔබගේ මනස පැය 24 පුරා විවිධ දේවල් ගැන හිතන්න ක්‍රියා කරන නිසා ඔබ අලුත් දෑ සොයා ගන්නවා..ගොඩක් අවංකයි ඒ නිසා රැවටීම් වලට හරි ඉක්මනින් අහුවෙනවා..ඔබව රවට්ටපු අයට කවදාවත් සමාව දෙන්නෙ නෑ...අන් අයගේ උපදෙස් පිලිගන්නේ නෑ..ගෙදර අය එක්ක කාලය ගත කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති අනුවයි..ඔබට O+ අය සමග සම්බන්ධතා ගැලපේ.....

AB+ / AB -

මොවුන් ගොඩක් ශාන්තයි.නමුත් බුද්ධිමත්.මේ අයව තේරුම් ගන්න ගොඩක් අමාරුයි.මොවුන් මොන වෙලාවේ මොන දේ කරයිද කියලා කාටවත් හිතාගන්න බෑ..ඒ වගේම ගොඩක් ඉක්මනින් ඕනම කෙනෙක්ව මිතුරෙක් කර ගන්නවා සහා මිතුරන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..නමුත් මොවුන් මොවුන්ගේ මිතුරන්ගේ රැවටීම් වලටත් හසුවෙනවා..ඉන් පසු මොවුන් කලකිරීමෙන් සිටියත් මොවුන් මේ අයට ඉක්මනින්ම සමාව දෙනවා..ඕනම කෙනෙක් ගැන හොද ඉවක් මොවුන්ට තියෙනවා..ඔබව විශ්වාස කරලා අන් අය ඔවුන්ගේ පුද්ගලික දේ පවා ඔබට කියනවා..ඔබ තීරණ ගන්න කලින් මනසින් සහ බුද්ධියෙන් හිතලා බලලා තමයි  තීරණයකට එන්නෙ ..ඒ නිසා ඔබ ජීවිතය ගොඩක් සාර්ථක කර ගන්නවා..මේ අය දෙයක් කිව්වොත් ඒ දේ කරනවාමයි.මොකද නැත්නම් ඔවුන්ට වෙන අගෞරවයක් විදිහටයි එයාලට ඒක දැනෙන්නේ...ආදර සම්බන්ධතා   සහ විවාහ ජීවිතය ගොඩක් බුද්ධියෙන් රැක ගන්නවා ..තම ජීවන සහකාරයා හෝ ජීවන සහකාරිය තෝරා ගනිද්දි ගොඩක් බුද්ධියෙන් හිතනවා..මොන ප්‍රශ්න ආවත් තමන්ගේ ජීවන සහකරු හෝ සහකාරි අත් හරින්නේ නෑ..තමන්ගේ හිතු මතේට ගොඩක් වෙලාවට කටයුතු කරයි.මේ නිසා අන් අයට මේ අය පෙනෙන්නේ අහංකාර හිතුවක්කාරයින් ලෙසයි..ඕනම තැනක ප්‍රධානත්වය අරන් කටයුතු කරයි..අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි.මොවුන් ටිකක් විශ්වාස කරන්න අමාරුයි..මොකද ඔවුන් කරන්නේ ඔවුන්ට හිතෙන දේ පමණයි..අනාගතයේ පසුතැවෙන්න වැඩ නොකරයි..ඒ වගේම මේ අය සමග වාද විවාද කර දිනන්න අමාරුයි...

O+ / O-

මොවුන් ගොඩක් මිත්‍රශීලී අයයි.ඒ වගේම ආකර්ෂණීය පුද්ගලයින්..ඔවුන් ඕනෑම කාර්‍යකට නායකත්වය දැරීමට දක්ෂයි..ගොඩක් බුද්ධිමත්...මොවුන් මොවුන්ගේ කාර්‍යන් සාර්ථක කර ගැනීමට ගොඩක් මහන්සි වෙනවා..මොවුන් මොවුන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සතුටින් තියන්න හොඳින්ම දන්නවා..ඒ වගේම මේ අය පවුලේ වගකීම් නිසි ආකාරයට ඉටු කරන්න දන්නවා..මොවුන්ගේ ජීවිතයේ හැම කාර්‍යක්ම තනියම කරගන්න පෙලෙඹෙන පිරිසක්..අන් අයගේ උදව් සහා සහය බලාගෙන ජීවත් වෙන්නේ නෑ.දිරියෙන්,උත්සාහයෙන්,ඕනම බාධකයක් ජය ගන්නවා..මොවුන් අන් අය ගැන සිතන ගොඩක් සංවේදී පිරිසක් ..දුක හෝ සැප සතුටින් බාර ගන්නවා..සමහර අවස්ථා වලදී හිතන්නේ බලන්නේ නැතුව තීරණ ගන්න නිසා පසුතැවෙන්න සිදුවෙනවා ..ඒ දේවල් වලින් ජීවිතයට යමක් ඉගෙන ගන්නවා...හිත හොද පිරිසක්..මේ අය කෙනෙකුට ආදරේ කරනවා නම් ඔවුන්ගේ ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් ආදරේ කරන කෙනාව දාලා යන්නේ නෑ..ආදරය කරන අය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරනවා..ගොඩක් අවංකයි..අන් අයගේ හිත් දිනාගන්න පුලුවන් වගේම ඉක්මනින් කේන්ති යනවා..අසාධාරණයට එරෙහිව කතා කරයි....

සටහන : සමන්ති චතුරාණි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබගේ ලේ වර්ගයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු (By Blood Type) ඔබගේ ලේ වර්ගයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු (By Blood Type) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment