Supem Suwandak Aran Song Lyrics - සුපෙම් සුවඳක් අරන් ගීතයේ පද පෙළ

Supem Suwandak Aran Song Lyrics - සුපෙම් සුවඳක් අරන් ගීතයේ පද පෙළ
Song Title : Supem Suwandak Aran (සුපෙම් සුවඳක් අරන්)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සැමදා ලඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා ..

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supem Suwandak Aran Song Lyrics - සුපෙම් සුවඳක් අරන් ගීතයේ පද පෙළ Supem Suwandak Aran Song Lyrics - සුපෙම් සුවඳක් අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment