Song Title : Soduru Atheethaye Nimala Pathuma Wii (සොඳුරු අතීතයෙ නිමල පැතුම වී)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති //
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති //
නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගණන් පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති //
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති //
0 comments:
Post a Comment