Kawiya Nuba Nam Soduru Mithureki ❤ Song Lyrics - කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි ❤ ගීතයේ පද පෙළ

Kawiya Nuba Nam Soduru Mithureki ❤ Song Lyrics - කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි ❤ ගීතයේ පද පෙළ
Song Title : Kawiya Nuba Nam Soduru Mithureki ❤ (කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි ❤)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

නිව නිවා සිත යලිත් නිවනා
සොදුරු කවි පද හිතක දැවටී...
බුර බුරා නැගි දැවෙන හදගිනි
නිවාලන නුඹ "කවිය"අරුමෙකි...,

හිතක සරතැස දවා අළු කල 
කවිය"නුඹ මට මේඝයක්  වුණි...
වියරු හදවත් ඉකිලනා විට
කදුල පිසලූ මද පවන මෙනි....

හද කතර වියැලී මියෙන්නට පෙර
හැලුන සුවිසල්  අනෝරාවකි.....
මතක පිටු පිටු පුරා ඉගිකර
මතක අව්ලන අරුම පුදුමෙකි...
සිතුම් සංකා ඇහැරවාලන 
වෙලී එතෙනා ලිය වැලක් මෙනි...

චංචලව සිත විසිරෙනා විට
හිතම සනසා නිවූ කවියෙනි...
ගිලන් වී හද විඩාපත් දා
"කවිය" නුඹ නම් මහරු ඔසුවෙකි...

කවි සිතක කවිකම්ම කරමින්
සක්මනේ උන් සද සේම සිරි...
තුන් සිතක "සැනසීම"පිරවූ
කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි..   

මල්❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawiya Nuba Nam Soduru Mithureki ❤ Song Lyrics - කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි ❤ ගීතයේ පද පෙළ Kawiya Nuba Nam Soduru Mithureki ❤ Song Lyrics - කවිය නුඹ නම් සොදුරු මිතුරෙකි ❤ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2021 Rating: 5

0 comments:

Post a Comment