Your Choice Way

Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ

Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ
Song Title : Idorayak (ඉඩෝරයක්)
Lyrics : Ishan Dimuthu (ඉෂාන් දිමුතු)

වේලුන ඉපල් අහසට දිගු කර දෑත
පෑදුන වැලි ගල්ද ගැන දුක්බර ගීත
සෑදුන පෑවිල්ල දිය බිඳුවක ශීත
සෙනහස සිසිල ගැන කොඳුරති දුර ඈත

වැටහෙන දැනෙන හිරු හැඩ රැස් පිච්චිල්ලයි
තණ අග වියළිපත් හැර කූඹින් රැල්ලයි
පළඟැටි රාවයේ දහවල දෙඩවිල්ලයි
දුක්බර බලා සිටිනා දුක් නෙත් රැල්ලයි

ඉහිළුම් නොදෙන මිහිකත ඉරිතලා මඩ
තුරු කොළ වියලෙනා දලු කොළ හඬන හඬ
දරු පැටවුන් බැඳන් රිළවුන් දුවන හැඩ
හද දුක් සුසුම් ළඟ හද හද මියෙන හඬ

දෙවියන් සිත් සතන් ගැන විමසුම් නැතිව
මුහුකුරා නොගොස් උන් සැඩ සිත් ඇතිව
නුබ ගැබ වැහි කෝඩ තුරුළට ගෙන නතුව
රවටයි නොරවටයි දහසක් දිය නැතුව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, January 14, 2021 Rating: 5

0 comments:

Post a Comment