Dewram Wehere Himi Song Lyrics - දෙව්රම් වෙහෙරේ ගීතයේ පද පෙළ

Dewram Wehere Himi Song Lyrics - දෙව්රම් වෙහෙරේ ගීතයේ පද පෙළ
Song Title : Dewram Wehere Himi (දෙව්රම් වෙහෙරේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා //

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewram Wehere Himi Song Lyrics - දෙව්රම් වෙහෙරේ ගීතයේ පද පෙළ Dewram Wehere Himi Song Lyrics - දෙව්රම් වෙහෙරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2021 Rating: 5

0 comments:

Post a Comment