Dasama Riddana Song Lyrics - දෑසම රිද්දන ගීතයේ පද පෙළ

Dasama Riddana Song Lyrics - දෑසම රිද්දන ගීතයේ පද පෙළ
Song Title : Dasama Riddana (දෑසම රිද්දන)
Singing : Rookantha Gunathilaka & Nelu Adikari (රූකාන්ත ගුණතිලක මහත්මා සහ නිලූ අදිකාරී මහත්මිය)

දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

මල් පෙති වාගෙ පාද රිදේ දෝ
බොරළු පයේ ඇනිලා..
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා..
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ..
බුරුතු පිටින් මා වාරෙ අවාරෙ
නෙළාන එන්නම්දෝ..
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසේදෝ..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasama Riddana Song Lyrics - දෑසම රිද්දන ගීතයේ පද පෙළ Dasama Riddana Song Lyrics - දෑසම රිද්දන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment