Song Title : Daase Kathawen (දෑසෙ කතාවෙන්)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා
දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
පර වී ගියේ නෑ මගෙ චේතනා //
0 comments:
Post a Comment