Adisiya Song Lyrics - අදිසිය ගීතයේ පද පෙළ

Adisiya Song Lyrics - අදිසිය ගීතයේ පද පෙළ
Song Title : Adisiya (අදිසිය)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

පාවෙලා ඇවිත් මහ රෑක
පේන්නෙම නැතිවෙන්න
සැඟවිලා ෴අදිසිය෴ ලෙසින්
නුඹේ යහන අද්දරින්
බලාගෙන ඉන්නවා
හිතේ කිසි කැතක් නැතිවම....

වෙහෙසිලා මුලු දහවලම
විඩාවෙන් හෙම්බත් වෙලා
ආත්මය ඔත්පොල වෙලා
සොයන්නට සැනසීම
සැතපෙනා නුඹේ
යහන ඉහ ඉද්දරින්
අදත් මම ඉන්නවා නොපෙනි
නුඹේ වත - මත නොගෑවී.......

සියුම් වි ගැඹුරින් සුසුම් ලන
නුබේ,  නිදිබර නෙත් දෙකින්
සොයන්නෙමි *මා* කොහි සිටිදැයි
පිටත නෙපෙනෙ නුඹේ සිතේ......

ලිහිල් වී ගිය කියුඹු රැල් සිලි
සිලිය දුන්නත් හෙමි හෙමින්
ලං නොවෙමි මම නුඹේ
උවනත සිප ගනිමි
එය හදවතින්.......

වාන් දමමින් හැඟුම්
ගජසෙන් මුලා කෙරැවත්
මා නිතින්
වාල් නොමවෙමි මගේ
සිතිවිලි දැහැන් ගතකරලමි
ඉතින්...........

මදක් විමසිලි වි බලන්නෙමි
නුඹේ ගත පිලි සරසමින්
පිටව එන්නෙමි භාවනාවක
උතුම් අවසන දුටු ලෙසින්
තිලක් දයාසිරි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adisiya Song Lyrics - අදිසිය ගීතයේ පද පෙළ Adisiya Song Lyrics - අදිසිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment