Apita Koyinda Awurudu Song Lyrics - අපිට කොයින්ද අවුරුදු ගීතයේ පද පෙළ

Apita Koyinda Awurudu Song Lyrics - අපිට කොයින්ද අවුරුදු ගීතයේ පද පෙළ
Song Title : Apita Koyinda Awurudu (අපිට කොයින්ද අවුරුදු)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

රැයක් දවාලක් නැත කිසිදා දැනෙන්නේ
සැම තැන හොදින් සෝදිසි කර බලන්නේ
රට තුල වෙසෙන සැම දෙන නිති රකින්නේ
ඔබ හට අලුත් අවුරුදු නෑ දැනෙන්නේ

දිව රෑ දෙකෙහි වෙහෙසක් නොබලා හිදින
රෝ දුක් බියෙන් අප සැම මුදවා හරින
ඉස්පිරිතාලේ වැඩ කරනා සියලු දෙන
හට නම් නැතේ අවුරුද්දක් රස ගෙනෙන

දරුවන් දැඩි කලේ මහ මෙර සේ සිතාලා
දුක් විද දරා දරුවගේ සැප බලාලා
සැදෑ සමය යයි මඩමේ  ගෙවීලා
අවුරුදු ඇතේ දරුවන් ළඟ රැදීලා

පැල්පත ඇතේ දරුවන් වෙත සෙවන දෙන
එනමුදු කන්න බත් පිඩකුදු ලැබ නොදෙන
දුප්පත් කමින් මිරිකී පීඩා විදින
අසරන ඔවුන් හට නැත අවුරුදු සොදින

වහලක් නොමැත අව් වැසි පීඩා නිවන
කුස ගිනි නිවෙන්නට නැත අහරක් ලැබෙන
පාරේ තැනින් තැන සිගමන් ලබන දෙන
අවුරුදු කෙලෙස සමරන්නද සතුට ගෙන

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apita Koyinda Awurudu Song Lyrics - අපිට කොයින්ද අවුරුදු ගීතයේ පද පෙළ Apita Koyinda Awurudu Song Lyrics - අපිට කොයින්ද අවුරුදු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment