Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ

Song Title : Adariye (ආදරියේ)
Singing : Nadeemal Perera ft. Pasan Liyanage
Melody : Nadeemal Perera
Lyrics : Nadeemal Perera
Music Production : Pasan Liyanage

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Adariye Song Lyrics - ආදරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment